බදු ආදායම් ඉහළ නංවා ගැනීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සක්‍රීයව දායක විය යුතු බව ජාතික ආර්ථික සහ භෞතික සැලසුම් කමිටුවේ සභාපති මහින්දානන්ද අළුත්ගමගේ ඇමතිවරයා පවසා සිටිනවා.
මෙම වසර තුල රුපියල් බිලියනයකට වැඩි ආනයනයන් සිදුකල පුද්ගලයන් 712 දෙනෙක් අතරින් 15% ප්‍රමාණයක් නිසි පරිදි ආදායම් බදු ගෙවා නොමැති බව එම කමිටුවේදී හෙළිවුණා.
එසේම සමහර වී මෝල් හිමියන්ගේ රාජ්‍ය බැංකුවල ඇති ගිණුම්වලට රුපියල් බිලියන 100 ක පමණ මුදල් බැරවී ඇති බවත්, නමුත් සත පහක් හෝ බදු ගෙවා නැති බවත් කමිටු සභාපතිවරයා පවසා සිටියා.
ආදායම් බදු ලිපිගොනු ප්‍රමාණය 2022 ට සාපේක්ෂව 2023 දී අඩුවීම ගැනද, ඉඩම් විකිණීමෙන් රජයට එකතු කරගත හැකි බදු ප්‍රමාණය ගැනද, එමෙන්ම ප්‍රාග්ධන ලාභ බද්ද හා සුරාබදු අයකර ගැනීම ගැනද ඇමතිවරයා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ අවධානය යොමු කළා.

