මෙරට ආර්ථිකයේ මෑත කාලීන ප්‍රවණතා පිළිබඳ අධ්‍යයනය කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිතයින් පිරිසක් අද (10) රාත්‍රි දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.
හෙට (11) සිට ලබන 17 වැනිදා දක්වා ඔවුන් මෙරට රැඳී සිටින අතර, මූල්‍ය අරමුදලේ ණය පහසුකම ලැබීමෙන් පසු මෙරට ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සිදුවන ආකාරය එම කණ්ඩායම විසින් අධ්‍යයනය කරන බවයි මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කරන්නේ.
මෙම නියෝජිත පිරිස ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සමග මෙන්ම මුදල් අමාත්‍යාංශ හා මහ බැංකු නිලධාරීන් සමග සාකච්ඡා කිරීමට සැලසුම් කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

