පාන් මිල රු.10 කින් අඩු කෙරේ

පාන් ගෙඩියක මිල රු.10 කින් අඩු කිරිමට සමස්ත ලංකා බෙකරිහිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

ඒ අනුව එහි සභාපති එන්. කේ. ජයවර්ධන මේ බව සඳහන් කළා.

පාන් මිල අඩු කිරීම ගැන තීරණය හෙට

පාන් මිල අඩු කිරීම සම්බන්ධයෙන් හෙට (26) දිනයේ දී ප්‍රකාශයක් සිදුකරන බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

පාන් මිල අඩු කිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ඊයේ (24) දිනයේ දී පැවති බවයි එහි සභාපති එන්.කේ. ජයවර්ධන සඳහන් කළේ.

එහෙත් පාන් මිල අඩුකිරීම සම්බන්ධයෙන් එහිදී අවසන් එකඟතාවයකට පැමිණීමට නොහැකි වූ බවද, ඒ හේතුවෙන් හෙට දිනයේ තවත් සාකච්ඡාවක් පවත්වන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

බස්නාහිර පළාතේ ත්‍රිරෝද රථ ගාස්තු හෙට සිට අඩුවෙයි

බස්නාහිර පළාත තුළ හෙට (15) සිට ත්‍රිරෝද රථ ගාස්තු අඩුවීමක් සිදුකරන බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතිය පවසනවා.

ඒ අනුව දෙවන කිලෝමීටරය සඳහා මෙතෙක් අය කළ රුපියල් 100ක මුදල රුපියල් 90 දක්වා අඩු කර ඇති බවයි ඔවුන් සඳහන් කළේ.

පළමු කිලෝ මීටරයට අයකළ හැක්කේ උපරිමය රුපියල් 100 ක් බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

අවම බස් ගාස්තුව රුපියල් 2 කින් පහළට

ජූලි 1 වනදා සිට බස් ගාස්තු 5% කින් පහළ දැමීමට තීරණය කර තීරණය කර තිබෙනවා.

ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 2කින් පහළ යන අතර එහි නව ගාස්තුව රුපියල් 28 ක් බවයි සඳහන් වෙන්නේ.

වාර්ෂික බස් ගාස්තු සංශෝධනයට අදාළව බස් සංගම් සහ අමාත්‍ය බන්දුල ගුණවර්ධන සමඟ පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන තිබෙනවා.

අද ඩොලරයේ විකුණුම් මිල රු. 309 දක්වා ඉහළට

ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තවදුරටත් පහත වැටී තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 300.20 ක් ලෙස සහ විකුණුම් මිල රු. 309.63 ක් ලෙස දක්වා තිබෙනවා.

ඒ අනුව මාර්තු මාසයෙන් පසුව යළිත් ඩොලරයේ ගැනුම් මිල රුපියල් 300 සීමාව ඉක්මවා ගොස් ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

6672b18ad7761

පොල්තෙල් මිල ඉහළට

පොල්තෙල් බෝතලයක මිල ඉහළ ගොස් ඇති බව පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.

ඒ අනුව පොල්තෙල් බෝතලයක් රුපියල් 150 කින් පමණ ඉහළ ගොස් ඇති බවයි එම සංගමය ප්‍රකාශ කළේ.

මහා පරිමාණ පොල්තෙල් ආනයනයකරුවන් තොග සඟවා ගැනීම මෙලෙස මිල වැඩිවීමට හේතු වී ඇති බව එම සංගමයේ කැඳවුම්කරු බුද්ධික ද සිල්වා වැඩිදුරටත් සඳහන් කළා.

කොත්තු, රයිස් මිල රුපියල් 25 කින් පහළට

ගෑස් මිල අඩු වීමේ වාසිය පාරිභෝගිකයන්ට ලබා දෙන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව අද (05) සිට බත් පැකට්, රයිස් සහ කොත්තු මිල රුපියල් 25කින් අඩු කිරීමට තීරණය කළ බවයි සමස්ත ලංකා ආපන ශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් සඳහන් කළේ.

එසේම අනෙකුත් කෙටි ආහාර වර්ගවල මිල සහ ටී, ප්ලේන්ටී මිල රුපියල් 10කින් අඩු කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

ලාෆ් ගෑස් මිල පහළට

ගෘහස්ත ලාෆ් ගෑස් මිල අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පහළ දැමීමට එම සමාගම තීරණය කර තිබෙනවා.

අඩු කළ සහ නව ගෑස් මිල ගණන් පහතින්,

* 12.5KG ගෑස් – රු.160 කින්  (නව මිල රු.3,680)

* 5KG ගෑස්  – රු.65 කින්  (නව මිල රු.1,477)

ලිට්‍රෝ ගෑස් මිල පහළට

අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ගෘහස්ත ගෑස් සිලින්ඩර මිල අඩු කිරීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර තිබෙනවා.

ඒ අනුව අඩු වූ මිල සහ නව මිල පහතින් දැක්වෙනවා.

* කිලෝ ග්‍රෑම් 12.5 – රු.150 කින් (නව මිල රු.3,790)

* කිලෝ ග්‍රෑම් 5 – රු.60 කින් (නව මිල රු.1,522)

* කිලෝ ග්‍රෑම් 2.3 – රු.28 කින් (නව මිල රු.712)

සයිනොපෙක් ඉන්ධන මිලද සංශෝධනය කෙරේ

ඊයේ දිනයේදී සංශෝධනය වුනු සිපෙට්කෝ ඉන්ධන මිලට සමගාමීව, අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි සයිනොපෙක් ඉන්ධන මිල ද සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 10කින් පහත දමා සිපෙට්කෝ මිලට සමාන කර ඇති අතර, එහි නව මිල රුපියල් 355 බව සඳහන්.

එසේම ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 19කින් පහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 314 ක් වනවා.

ඒ අනුව ඔටෝ ඩීසල් ලීටරයක මිල සිපෙට්කෝ මිලට වඩා රුපියල් 3 ක් අඩුවෙන් අලෙවිකරන අතර සෙසු ඉන්ධන මිල ගණන් සිපෙට්කෝ මිලට සමාන වෙනවා.