රාජ්‍ය මාධ්‍ය ආයතන වලට වැඩ බලන සභාපතිවරු පත්කෙරේ …..

ඔක්තෝබර් 28 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය මාධ්‍ය ආයතන සදහා වැඩ බලන නව සභාපතිවරු පත්කර ඇතැයි නිල නොවන ආරංචි මාර්ග සදහන් කරයි.
ඒ අනුව
ස්වාධීන රූපවාහිනීය සහ ගුවන් විදුලි සංස්ථාව සදහා – ආචාරය සෝමරත්න දිසානායක,
ශ්‍රී ලංකාව රූපවාහිනී සංස්ථාව සදහා – නීතිඥ සරත් කෝන්ගහගේ
ලේක්හවුස් ආයතනය –  වසන්ත ප්‍රිය රාමනායක යන මහත්වරු ජනාධිපතිවරයා විසින් පත්කර තිබේ

මහින්ද රාජපක්ෂ මහතා නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි….

නව කැබිනට් මණ්ඩලය පත්කිරීම ඉදිරි පැය 48 ඇතුලත….
මහින්ද රාජපක්ෂ මහතා නව අග්‍රාමාත්‍යවරයා ලෙස අද දිවුරුම් දුන්නේය. ඒ අතර එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම ආණ්ඩුවෙන් ඉවත් වීමට තීරණය කල බවද කතානායකවරයාට දැනුම් දී තිබේ.
නව කැබිනට් මණ්ඩලය ඉදිරි පැය 48 තුල පත්කිරීමට තීරණය ගෙන ඇතැයිද වාර්තා වේ.
මෙම පත්කිරීම ව්‍යවස්ථා විරෝධී බව හටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටී

Growing Caravan of Migrants March toward US Border

The Central American migrants moving their way through Mexico Tuesday as part of a controversial caravan — one President Donald Trump is pushing hard as a midterms election issue — is forging ahead in its long journey to the U.S.-Mexico border.

The first waves of migrants — who U.N. officials estimate may be as high as 7,200 and growing — began arriving late Monday to the small southern Mexican town of Huixtla after an exhausting eight-hour trek.

Many staked out grassy spots in the town square to sleep outdoors overnight before continuing their grueling trip north on Tuesday.

They were at least 1,100 miles from McAllen, Texas, the nearest U.S.-Mexico border entry

Source: USA Today

Two more Elephants die in another Sri Lankan Train Accident

Two elephants were killed and another critically injured on Sunday (Oct 21) crossing railway tracks in Sri Lanka, officials said, in yet another tragic collision involving the protected animals and speeding trains.

A Jaffna-bound night train rammed into two elephants at Ambanpola, 150km north of Colombo, killing one and injuring the other.

In a separate accident, a passenger train derailed after hitting and killing an elephant near Palugaswewa, 160 kmnorth-east of Colombo.

No passengers were injured in either accident.

“Train services have been disrupted, but we are working to remove the carcass and repair the track on the eastern line,” an official said by telephone.

Speed restrictions are imposed on trains passing through elephant habitats but these are difficult to enforce.  Only 10 per cent of Sri Lanka’s trains are believed to be equipped with speedometers, local media reported Sunday.

Two weeks ago, a passenger train struck and killed three elephants. A fortnight before that, a mother elephant and her two calves were hit and killed in the east of the country.

Sri Lanka considers elephants a national treasure and they are protected by law.

Source: AFP

Sri Lankan Wedding Expo in New York

Boston Lanka Media Network will be having the first ever Sri Lankan Wedding Expo and Bridal Show in Staten Island New York on July 28th 2018.

Boston Lanka is organizing this event with their Sri Lankan partner ‘Event Media’ company that has the experience in organizing wedding exhibitions in Sri Lanka for more than 10 years.

The Wedding Expo will be held at Hampton Inn and Suites which is located at 1120 South Ave, Staten Island, NY 10314.   There will be Beauticians, Makers of Traditional Sri Lankan wedding attires, wedding photographers and bridal models from Sri Lanka as well as from New York.

Entrance free

ජින්ජර් මෝටර් රථ අනතුරකට ලක් වෙයි

දෙනියායේ පැවැත්වෙන සංගීත ප්‍රසංගයකට සහභාගී වීමට පැමිණෙමින් සිටි ප්‍රසිද්ධ ගායිකා ජින්ජර්ගේ මෝටර් රථය අනතුරකට ලක්ව තිබේ.
මෝටර් රථය අඩි 60ක පමණ ප්‍රපාතයකට පෙරළී ඇති අතර එහි ගමන්ගත් ජින්ජර් ඇතුළු සිව් දෙනකු ඉන් තුවාල ලබා ඇති අතර ජින්ජර් දෙනියාය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා මාතර මූලික රෝහලට ඇතුළත් කර ඇති බව මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
image_1514445584-c155b9184d
රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බවයි පොලිසිය සැකපළ කරන අතර එම අවස්ථාවේ මෝටර් රථයේ ජින්ජර් ඇතුළු ජින්ජර්ගේ හත් හැවිරිදි පුතා සහ ඇගේ ඥාති පුතකු සහ රියදුරු ගමන් කරමින් සිට ඇති බවයි වාර්තා වේ.
image_1514445596-f6d8503d95

රවි ගෙදර යයි

විදේශ අමාත්‍ය රවි කරුණානායක මහතා සිය අමාත්‍යධූරයෙන් ඉල්ලා අස් වී තිබේ.
පාර්ලිමේන්තු සංකීර්ණයේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
තමා විසින් ගන්නා ලද තීරණය කිසි විටෙකත් කම්පා ගන්නා වී ගන්නා ලද තීරණයක් නොවන බවත් එය ඉතා ආඩම්බරයෙන් ගන්නා ලද තීරණයක් බවත් අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.
තමා කිසි විටෙකත් දේශපාලනය තුළින් මුදල් හම්බ කළේ නැති බවත් තම ව්‍යාපාර සඳහා කිසිම අවස්ථාවක දේශපාලනය සම්බන්ධ නොවූ බවත් අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.
තමා පැය 24 ක කාලය පුරා ජනතාවට සේවය කිරීමට අමාත්‍යධූරය පාවිච්චි කළ බව ද රවී කරුණානායක මහතා වැඩිදුරටත් පැවසීය.
කෙසේ වෙතත් තමාට එල්ල වී ඇති චෝදනා හේතුවෙන් එක්සත් ජාතික පක්ෂය හෝ යහපාලන ආණ්ඩුව විනාශ කිරීමට බලලෝබී ක්‍රමන්ත්‍රණකරුවන්ට ඉඩ නොදෙන බව ද ඔහු තරයේ කියා සිටියේය.
අර්ජුන් ඇලෝසියස් මහතා විසින් කොළඹ අධි සුඛෝපබෝගී මහල් නිවාසයක් කුලී පදනම මත ලබාගෙන ඒ වෙනුවෙන් මසකට ලක්ෂ 14ක පමණ මුදලක් ගෙවා ඇතත් එහි පදිංචිව සිට ඇත්තේ එවක මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා බව  බැදුම්කර කොමිසම හමුවේ අනාවරණය වූයේ ඉකුත් ජූලි 24 වන දාය.
එයින් පසුව අගෝස්තු 02 වන දින කොමිසම හමුවේ අසන ලද ප්‍රශ්නවලට ප්‍රතිචාර දක්වමින් අමාත්‍ය රවී කරුණානායක මහතා කියා සිටියේ අදාළ නිවස මිලදී ගනු ලැබුවේ තම බිරිඳ හා දියණිය විසින් බවත්, එහි ගනුදෙනු සම්බන්ධයෙන් තමන් කිසිවක් නොදන්නා බවයි.
කෙසේ වෙතත් දීර්ඝ ලෙස සිදුකරනු ලැබූ ප්‍රශ්න විමසීමේදී තම බිරිඳ හා දියණිය අධ්‍යක්ෂ ධූරය දරන GLOBAL LOGISTIC සමාගමේ සභාපති ධුරය දරණ ලක්ෂ්මි කාන්තන් නැමැත්තා නිවස මිලදී ගැනීම සඳහා මුදල් ලබාදී ඇති බවද කරුණානායක මහතා කොමිසමට ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත් රටේ මුදල් අමාත්‍යවරයා ලෙස පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමේ  ප්‍රධානියා විසින් මුදල් ගෙවන නිවසක පදිංචි වී සිටීම කිසිසේත්ම නුසුදුසු කරුණක් බවට තමන් පිළිගන්නේ දැයි කොමිසම අමාත්‍යවරයාගේ ප්‍රශ්න කරන ලද අවස්ථාවේදී අමාත්‍යවරයාගේ ප්‍රතිචාරය වූයේ තමන් ඒ සම්බන්ධයෙන් කිසිවක් නොදැන සිටි අතර තමන් දැන සිටියේ නම් එලෙස එහි පදිංචියට‍ නොයන බවයි.
කෙසේ වෙතත් මෙම සිදුවීම් අනාවරණය වීමෙන් පසුව රවී කරුණානායක අමාත්‍යවරයා හා අර්ජුන් අලෝසියස් අතර පැවති දිගු කාලීන මිත්‍රත්වය මෙන්ම ගනුදෙනු පිළිබඳ ආණ්ඩුවේද, විපක්ෂයේද මැති ඇමතිවරුන් විසින් දිගින් දිගටම ප්‍රශ්න කළ අතර ඔහුට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් ඉකුත් අගෝස්තු 03 වන දින මන්ත්‍රීවරුන් 32 දෙනෙකු විසින් අත්සන් කොට විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත ලබාදීමට කටයුතු කරනු ලැබිණි.
ආන්දෝලනයට තුඩුදුන් බැඳුම්කර ගනුදෙනුවට අදාළව සිදුකෙරෙන පරීක්ෂණවලට බාධවක් නොවනු පිණිස රවී කරුණානායක මහතා සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බවටත්, එසේ නොවන්නේනම් සියලුම ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේදී විශ්වාසභංගයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන බවත් ප්‍රකාශ කෙරුණි.
ඒ අනුව ඊයේ දිනයේදී පැවති කැබිනට් රැස්වීමට අමාත්‍ය රවී කරුණානායක මහතා සහභාගි නොවූ අතර එසේ පැමිණියහොත් තමන් එයින් නැගිට යන බවට ශ්‍රීලනිප නියෝජනය කරන කැබිනට් අමාත්‍යවරුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට කල් තියා දැනුම් දී තිබුණි.
කෙසේ වෙතත් ඊයේ රාත්‍රීයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හා රවී කරුණානායක යන මහත්වරුන් එක්ව පවත්නා තත්ත්වය පිළිබඳ දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් තීරණයක් ගත් බව දේශපාලන ආරංචි මාර්ග විසින් තහවුරු කර තිබිණි.

පර්පෙචුඅල් ට්‍රෙෂරීස් CEOගේ දුරකථනය දෙයි – ඇලෝසියස් තාමත් රහස් අංකය සගවයි

පර්පෙචුඅල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී කසුන් පළිසේන මහතාට ලබන අඟහරුවාදා බැඳුම්කර කොමිසම  හමුවේ පෙනී සිටින ලෙස එම කොමිසම අද දැනුම් දී තිබේ.

එසේම කසුන් පළිසේන විසින් ඔහුගේ ජංගම දුරකථනය අද (04) බැඳුම්කර කොමිසමේ විමර්ශන  නිළධාරීන්ට භාර දී තිබේ.

අද කොමිසමේ කටයුතු ආරම්භ කළ මොහොතේ කොමිසමේ පෙනී සිටි පර්පෙචුඅල් කැපිටල් ලිමිටඩ් නියෝජනය කරන ජනාධිපති නීතීඥ කාලිංග ඉන්දතිස්ස මහතා කියා සිටියේ කොමිසම හමුවේ සාක්ෂි ලබාදීමට නියමිත පුද්ගලයින්ගේ පෞද්ගලික සන්නිවේදන උපකරණ සිය භාරයට ගැනීමට කොමිසමට නීතීමය බලතල නොමැති බවයි.

පරීක්ෂණ කොමිසම් පනතෙන් සපයා දී ඇති ප්‍රතිපාදන අනුව කොමිසමට පෞද්ගලික සන්නිවේදන උපකරණ සම්බන්ධයෙන් පරීක්ෂණය කළ හැක්කේ එහි හිමිකරු කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් සිටින මොහොතේ පමණක් බව ඉන්දතිස්ස මහතා කොමිසමට කියා සිටියේය.

එමෙන්ම පනතට අනුව නීතීපති දෙපාර්තමෙන්තුවේ කාර්යභාරය වන්නේ කොමිසම විසින් කැඳවන සාක්ෂිකරුවන්ගෙන් ප්‍රශ්න විමසීම වන අතර නීතීපති දෙපාර්තමෙන්තුවට සාක්ෂිකරුවන් කැඳවීමට  නෛතික හැකියාවක් නොමැති බවද ඔහු කොමිසමට පැවසුවේය.

කෙසේවෙතත් ඊට ප්‍රතිචාර දක්වමින් අතිරේක සොලිසිටර් ජෙනරාල් යසන්ත කෝදාගොඩ මහතා  කියා සිටියේ  නීතීපති දෙපාර්තමේන්තුව කොමිසමට සහය දක්වන්නේ පරීක්ෂණ කොමිසම් පනතේ 23 වන වගන්තියට අනුව වන බවයි.

එම වගන්තිය යටතේ ඕනෑම රාජ්‍ය සේවකයෙකු කොමිමේ සහයට කැඳවීමේ බලය කොමිසමට ඇති බැවින් නීතීපති දෙපාර්තමෙන්තුව විසින් සාක්ෂිකරුවන් කැඳවීම සම්බන්ධයෙන් ඉන්දතිස්ස මහතාගේ තර්කය නිවැරදි නොවන බව ඔහු කොමිසමට පෙන්වා දුන්නේය.

මේ අතර අර්ජුන් අලෝෂියස් මහතා වෙනුවෙන් කොමිසමේ පෙනී සිටින ජනාධිපති නීතීඥ අනුජ ප්‍රේමරත්න මහතා කොමිසමෙන් ඉල්ලා සිටියේ සිය සේවාදායකයාගේ දුරකථනය විමර්ශනය කර තාක්ෂණික විශේෂඥයෙකු විසින් කොමිසමට භාරදුන් පිටු 8600 ක වාර්තාව පරිශීලනය කිරීමට තමන්ටද අවස්ථාව ලබාදෙන ලෙසයි.

එහිදී  නීතීපති දෙපාර්තමේන්තුව එම ඉල්ලීමට විරෝධය පළකරන බව ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජෙනරාල් දප්පුල ද ලිවේරා මහතා ප්‍රකාශ කළේය.

ඔහු  වැඩිදුරටත් පැවසුවේ අර්ජුන් ඇලෝෂියස් මහතා සිය අයිෆෝන් ගිණුමේ රහස් කේතය ලබාදීමට කටයුතු නොකිරීම නිසා තවමත් විමර්ශන අවසන් කිරීමට නොහැකි වී ඇති බවයි.

මේ අතර පර්පෙචුඅල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී කසුන් පළිසේනට කොමිසම යළි රැස්වන එළඹෙන අඟහරුවාදා දිනයේදී  කොමිසම හමුවේ පෙනී සිටින ලෙස කොමිසම අද ඔහුගේ නීතිඥයින්ට දැනුම්දෙන ලදී.

නව විදේශ ලේකම් ප්‍රසාද් කාරියවසම්

අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති  ප්‍රසාද් කාරියවසම් මහතා නව විදේශ ලේකම්වරයා ලෙස ජනාධිපති විසින් (29) දින පත් කර ඇති බව වාර්තා වෙයි.

මේ අතර හිටපු විදෙස් ලේකම් වන ඇසළ විරකෝන් මහතා සංචාරක ප්‍රවර්ධන අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස පත් කර තිබේ.

වසරකට ආසන්න කාලයක් ඉන්දියාවේ නවදිල්ලි නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා ලෙස කටයුතු කළ ඇසළ වීරකෝන් මහතා මෙරට තානාපති සේවයේ නිරතව සිටින ජ්‍යේෂ්ඨතම නිලධාරියෙකු වේ.

1988 වසරේදී විදේශ සේවයට එක්ව ඇති ඇසළ වීරකෝන් මහතා මීට පෙර කැනඩාවේ ශ්‍රී  ලංකා මහ කොමසාරිස් ධූරය ඇතුළු විදේශ රටවල් රැසක සේවය කර තිබේ.