කොවිඩ් 19 වෛයිරසය ව්‍යාප්තිය හමුවේ පීඩාවට පත් විගමණික ශ්‍රමිකයින්ට සහන රැසක්..

කොවිඩ් 19 වෛයිරසය ලොව පුරා පැතිරයාමත් සමග විදේශ රැකියාවල නිරත වී සිටින විගමණික ශ්‍රමිකයින් සම්බන්ධව වහාම මැදිහත්වි කටයුතු කිරිමට  විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවරගෙන තිබේ. ඒ අනුව  විදේශ දූත මණ්ඩල  16 ක කම්කරු සුභසාධන අංශ හා ඍජුව සම්බන්ධ වී අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කාර්යාංශයේ සභාපති කමල් රත්වත්තේ මහතා විසින් අදාල නිලධාරින්ට උපදෙස් ලබා දී තිබේ. ඒ අනුව විදේශ දූත මණ්ඩල  16 ක කම්කරු  සුභසාධන අංශ වෙත දැනටමත් කාර්යාංශයේ කම්කරු සුබසාධන අරමුදල මගින් (Workers Welfare Fund) වෙන්කොට ඇති ප්‍රතිපාදන භාවිතාකර වසංගතයෙන් පීඩාවට පත් විගමණික ශ්‍රමිකයින්ට අවශ්‍ය පහසුකම් කඩිනමින් ලබා දී තිබේ.
එම විදේශ දූත මණ්ඩල  16 ක පිහිටි කම්කරු  සුභසාධන අංශ අතර අබුඩාබි, බහරේන්, සයිප්‍රස්, ඩුබායි, ඊශ්‍රායෙල්, ජෝර්ඩාන්, කුවේට්, ලෙබනන් අයත්වේ. එසේම මැලේසියා, ඕමාන්, මාලදිවයින්, කටාර්, රියාද්, දකුණු කොරියාව හා සිංගප්පූරුවද ඊට අයත්වේ.

මෙයට අමතරව කම්කරු සුබසාධන අරමුදල තවත් ශක්තිමත් කිරිම සදහා, විදේශ සබදතා,නිපුණතා සංවර්ධන,රැකීරක්ෂා හා කම්කරු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින්  ගත් තීරණයකට අනුව කාර්යාංශයේ සභාපති කමල් රත්වත්තේ මහතා හා  කාර්යාංශයේ අධ්‍යක්ෂ මණ්ඩලයට උපදෙස් ලබාදී ඇත්තේ  තවත් රුපියල් මිලියන අටක (මිලියන 8) ප්‍රතිපාදන අදාල විදේශ දූත මණ්ඩල  16 ක කම්කරු සුභසාධන අංශ වෙත වහාම ලබාදෙන ලෙසය. එමගින් මෙම වසංගත තත්වය මත විගමණික ශ්‍රමිකයින්ගේ දැනට පවතින නීතිමය තත්වය නොසලකා සහන ලබා දීමට කටයුතු කරන ලදී.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පැය 24/7 පුරා ක්‍රියාත්මක 1989 ක්ෂණික දුරකථන අංකය ඔස්සේ විගමණික ශ්‍රමිකයින් සම්බන්ධව තොරතුරු ලබාගැනිමට පහසුකම් සලසා ඇති අතර එමගින් ලබාගත් තොරතුරු අදාල ශ්‍රමිකයින් සිටින රටවල තානාපති කාර්යාලවල කම්කරු සුභසාධන අංශ වෙත යොමු කොට විසදුම් ලබාදෙමින් තිබේ. වසංගතයෙන් පීඩාවට පත් විගමණික ශ්‍රමිකයින්ට අවශ්‍ය වියලි ආහාර ලබාදීම සඳහා කම්කරු අංශ නිලධාරින්, විදේශ දූත මණ්ඩල  නිලධාරින්,විවිධ සංවිධාන හා පරිත්‍යාගශීලීන් එක්ව කටයුතු කිරිම මේ වනවිටත් ආරම්භ කර තිබේ.

වසංගත තත්වයෙන් පීඩාවට පත්වී සිටින විගමණික ශ්‍රමිකයින්ට සහන සැලසිම සදහා පහත ක්‍රියාමාර්ගද ගෙන තිබේ.
කොවිඩ් 19 වෛයිරසයෙන් විගමණික ශ්‍රමිකයින් ආරක්ෂා කිරිම සඳහා මුඛ ආවරණ, අත් සේදුම්කාරක ඇතුළු පිරිසිදු කිරිමේ ද්‍රව්‍ය ලබාදීමට විදේශ දූත මණ්ඩල  16 ක කම්කරු අංශ මගින් කටයුතු කර තිබේ.
ශ්‍රි ලංකාවේ විශේෂඥ වෛද්‍යවරයකු සමග පැවැත්වු සම්මුඛ සාකච්ඡා මාලාවක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මුහුණුපොත ( Face book ) හරහා ප්‍රචාරය කිරිම මගින් විගමණික ශ්‍රමිකයිට වෛයිරසයෙන් ආරක්ෂා විමට ගත හැකි උපදෙස් ලබාදී ඇත.

විදේශ දූත මණ්ඩලවල පිහිටි කම්කරු අංශයන්හි ක්ෂණික  ඇමතුම් අංක හදුන්වාදීම මගින් විගමණික ශ්‍රමිකයින්ට වෛයිරසයෙන් ආරක්ෂා විමට අවශ්‍ය උපදෙස් ලබාදෙන ලදී.

සියලුම කම්කරු අංශ නිලධාරින් හා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ උසස් නිලධාරින් සම්බන්ධවන පැය 24 පුරා ක්‍රියාත්මක වට්ස්ඇප් සමුහ කණ්ඩායමක් ( whatsApp Group ) ආරම්භකර එමගින් තොරතුරු ලබාගැනීම, පැමිණිලි ලබාගැනිම හා සන්නිවේදනය කිරිම සාර්ථකව සිදුකිරිම නිසා ශ්‍රමිකයින්ගේ ගැටළු රැසකට ක්ෂණිකව විසඳුම් ලබාදී ඇත.

ෂීසෙල් හී අතරමංවී සිටි විගමණික ශ්‍රමිකයකු සඳහා අඛණ්ඩව අවශ්‍ය මූල්‍ය පහසුකම් තානාපති කාර්යාලය හරහා දීමට කටයුතු කරන ලදී.
ජපන් නෞකාවකින් ඉන්දියාවේ චෙන්නායි හරහා පැමිණි ශ්‍රමිකයකුට ගුවන් ටිකට්පත ලබාදී ඇත.

විගමණික ශ්‍රමිකයින්ට ලබාදිම සදහා මුඛ ආවරණ 5000 ක් කොරියානු තානාපති කාර්යාලයට ලබාදි ඇත.

සමාජ මාධ්‍ය කලඹවන මුස්ලිම් ජාතිකයෙකු ආදාහනය කිරීමේ කතාව

පසුගිය (30) මිගමුව ප්‍රදේශයෙන් වාර්තා වූ කොරෝනා වෛරසය හේතුවෙන් ශ්‍රී ලංකාවේ මියගිය දෙවන පුද්ගලයා ආදාහනය කිරීමත් සමඟ විරෝධතා එල්ල විය. ඒ එලෙස මියගිය පුද්ගලයා මුස්ලිම් ජාතිකයෙකු වූ බැවින් ඔහුව ආදාහනය කිරීම නිසාය.
මෙරට තුල කොරෝනා වෛරස ව්‍යාප්තිය අවම කිරීම සඳහා සෞක්‍ය අංශ සහ ආරක්ෂක අංශ අසීමිත කැපකිරීමක් සිදුකරන මොහොතක මුස්ලිම් ජාතිකයන් ආදාහනය කිරීම අගමානුකුල නොවන බව පවසමින් මුස්ලිම් දේශපාලඥයින් කිහිප දෙනෙකු සහ ආගමික නායකයන් යැයි හඳුන්වන පිරිසක් විසින් ප්‍රකාශ නිකුත් කරමින් විරෝදය දක්වා ඇති අයුරු සමාජ මාධ්‍ය හරහා දැක ගැනීමට හැකි විය.
මේ පිළිබදව Boston  අප සමස්ත ලංකා ඉස්ලාමීය විද්වතුන්ගේ සම්මේලනයේ තරුණ අංශයේ සම්බන්ධීකාරක නුස්රත් නව්ෆල් හක්කානි මව්ලවිතුමා ගෙන විමසීමු.
මව්ලවිතුමා පැවසුවේ ඔහුට කිසිදු දේශපාලනයක් නොමැති බවත් නමුත් එම දේහය ආදාහනය කිරීම සම්බන්දයෙන් කණගාටුවක් ඇති බවත්ය.
කෙසේ වෙතත් කොරෝනා ආසාධිතයන්ගේ අවසන් කටයුතු සියල්ල සිදුවන්නේ සෞඛ්‍ය අංශ උපදෙස් මත බව තමන් ඒ බව තමා හමුවුණු මුස්ලිම්වරුන්ට ද ප්‍රකාශ කල බව ද යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසිය.
ඒ අනුව උලමාවරුන්ගේ සභාව මේ පිළිබදව ජනාධිපති සහ අගමැති සමඟ සාකච්ජා කල බවත් එහිදී මුස්ලිම් ආගමික චාරිත්‍ර වලට අනුව සිදු කල යුතු පිරිසිදුකිරීම් වස්ත්‍ර ගැන්වීම් සිදු නොකළ යුතු බවටත් නමුත් භූමිදානය කිරීමට එකඟ වූ බවත් මව්ලවි නව්ෆල් පැවසීය.  ලෝක සෞක්‍ය සංවිධානය භූමිදානය කිරීමට අනුමැතිය ලබා දී ඇති බවද මතක් කරමින් මව්ලවි නව්ෆල්  මෙසේද වැඩි දුරටත් පැවසිය.
ඉහත කාරණය පිලිබදව මුස්ලීම් සමාජය කම්පනයට පත් වීම සාධාරණයි ද යන්න කිසිම දේශපාලන හෝ වෙනත් වුවමනාවකින් තොරව විග්‍රහ කිරීමට කැමැත්තෙමි. පළමුව යම් හෝ මරණයකදී ඊට අවසන් කටයුතු කිරීම ඉස්ලාමය තුළ ආගමික වතාවක් ලෙස සලකනු ලබයි. එනම් මුස්ලිම්වරයෙකු නැමදීම, උපවාසකිරීම, සzකාත් හෙවත් වාර්ෂික වරිය ඉටුකිරීම, හජ් වන්දනාවට යෑම යනාදී ආගමික වතාවන් ලෙස සලකනවා සේම මරණයකදී ඒ මරණයට පත් වූ පුද්ගලයාට අවසන් කටයුතු කිරීමද ආගමික වතාවක් ලෙස සලකනු ලබයි. යම් පුද්ගලයකු මරණයට පත්වීමේදී එම පුද්ගලයා වෙනුවෙන් කලයුතු ප්‍රධාන වගකීම් හතරක් මුස්ලිම් සමාජයට පවරනු ලබයි. එනම් :
*1. ස්නානය කරවීම.*
*2. කෆන් හෙවත් වස්ත්‍රයක් ඇන්ද වීම.*
*3. මරණ සලාතය හෙවත් නැමදුම ඉටුකිරීම.*
*4. භූමිදානය කිරීම.*
ඉහත කරුණු හතරම සාමාන්‍ය මරණයකදී අනිවාර්යෙන් මුස්ලිම්වරු කළ යුතුමයි. නමුත් කොවිඩ්19 වැනි භයානක රෝගයක් ආසාදනය වී යම් හෝ පුද්ගලයෙකු මරණයට පත්වේ නම් සෞඛ්‍ය අංශයේ සහ වෛද්‍ය උපදෙස් මත අවසන් කටයුතු කිරීමේ ක්‍රමය තීරණය වේ. ඒ අනුව ඔවුන්ගේ නිර්දේශයට අනුව ඉහත කරුණු හතරින් යම් හෝ දෙයක් කිරීමට නොහැකි තත්ත්වයක් පවතින්නේ නම් එය අත්හැර අනෙකුත් වගකීම් ඉටු කිරීම අනිවාර්ය වේ. කොවිඩ්19 මරණයකදී ස්නානය කරවීම කිසිදු  විදිහකින් කළ නොහැකි කරුණක් බව සෞඛ්‍ය ක්ෂේත්‍රය පහදා දී ඇත. ඒ අනුව එය කිරීම අනිවාර්ය නොවනු ඇත. දෙවැනි කරුණ වන කෆන් හෙවත්  වස්ත්‍රයක් ඇන්ද වීම ද මෙම රෝගයේ භයානකත්වයට අනුව නිර්දේශිත ක්‍රමයක් පවතී, එයද මුස්ලිම්වරුන්ගේ වගකීමෙන් බැහැරව යයි. තෙවැනි සහ සිව්වෙනි කරුණු කිරීමට කිසිදු නිර්දේශිත බාධකයක් නොතිබීම හරහා එය අනිවාර්ය වනු ඇත. තෙවෙනි වගකීම වන නැමදුම ඉටුකිරීමට ද තිදෙනෙකු පමණක් ඉදිරිපත් වීම ප්‍රමාණවත් වේ. ඊට අමතරව විශාල පිරිසක් එකතු විය යුතු නොවේ.
සිව්වැනි සහ අවසන් වගකීම වන භූමිදානය සඳහා කිසිදු බාධකයක් නොතිබෙන අවස්ථාවකදී එය අනිවාර්යෙන් කළ යුතුව තිබේ. ඊට අමතරව ආදාහනය කිරීමට කිසිසේත්ම නොහැක. කොවිඩ්19 මරණයකදී ලෝක සෞඛ්‍ය සංවිධානය, ශ්‍රී ලංකා රජය, සෞඛ්‍ය අමාත්‍යාංශය හා වෛද්‍ය සංගමය (මෙම ලියන මාර්තු 31 වෙනි දින දක්වා) යන සියලු පාර්ශ්වයන්ගේ නිර්දේශය වනුයේ ආදාහනය කිරීම හෝ ක්‍රමානුකූල භූමිදානය කිරීමට හැකි යන්නයි. එනම් ආදාහනය කිරීම පමණක් නොවේ, මෙසේ භුමිදානය කිරීමට අනුමැතිය තියෙන අවස්ථාවකදී අනිවාර්යෙන්ම මුස්ලිම්වරු ඒ වගකීම කළ යුතුමයි. ඒ කටයුත්ත සඳහා වෛද්‍ය අංශයෙන් නියම කරනු ලබන පිරිසක් මැදිහත්වීම ප්‍රමාණවත් වේ.
ඉහත කරුණු හරහා මුස්ලිම්වරුන්ගේ කම්පනය සහ පීඩනය සාධාරණයි යන්න වටහාගත හැකි යැයි විශ්වාස කරන්නෙමි. ඊට අමතරව මෙවන් කරුණු කාරණා දේශපාලන උවමනාවකට හෝ ජාතිවාදී හැඟීමක් ඇති කිරීමට උපයෝගී කරගන්නවා යැයි හැඟෙන පරිදි කටයුතු කිරීමත් කිසිසේත්ම ලංකා මාතාවට සුභදායී කරුණක් නොවේ. එම නිසා මෙම කටයුත්ත ගැන විවෘත දෑසින් බලා විද්‍යාත්මකව තහවුරු කර ඇති ආකාරයට නිසි ක්‍රමානුකූල භූමිදානය හෝ ආදාහනය යන දෙකම තුළින් මෙම කොවිඩ්19 වෛරසය පැතිරයාම වළක්වා ගත හැකි යැයි තහවුරුවී ජාත්‍යන්තර රෙගුලාසි ද ක්‍රියාත්මක වෙමින් මහා බ්‍රිතාන්‍ය, අමෙරිකාව, ඔස්ට්‍රේලියාව, සිංගප්පූරුව, ඉන්දියාව වැනි බොහෝ රටවල එම තීරණ ගෙන තිබියදී මේ ගැන විවෘත දෑසින් සොයාබලා තීරණයක් ගැනීමට ඔබගේ දායකත්වය ලබා දෙන ලෙස සියලුම වෛද්‍ය නිලධාරීන්ගෙන් හා බලධාරීන්ගෙන් ඉතාමත්ම ආදරයෙන් හා ගෞරවයෙන් ඉල්ලා සිටිමි.
අශන්ති වරුණසුරිය

UN troubled over release of convicted Sri Lankan soldier

The United Nations is concerned over the release of a convicted soldier in Sri Lanka.
Rupert Colville, the spokesperson for the UN High Commissioner for Human Rights Michelle Bachelet said that the High Commissioner is troubled by reports that the convicted perpetrator of the Mirusuvil massacre, in Sri Lanka, has received a Presidential Pardon and was released from jail this week.
Former Army sergeant Sunil Ratnayake was sentenced in 2015 for the murder in 2000 of eight civilians, including a five-year-old child, after more than a decade long trial.
Five defendants were brought to trial but only Sgt Ratnayake was convicted. The conviction was confirmed by the Supreme Court of Sri Lanka in May 2019.
This was one of the rare human rights case from the decades long conflict that had ever reached conviction.
Colville said the Presidential pardon is an afront to victims and yet another example of the failure of Sri Lanka to fulfil its international human rights obligations to provide meaningful accountability for war crimes, crimes against humanity and other gross violations of human rights.
He said that victims of such violations and crimes have the right to a remedy and this includes equal and effective access to justice and reparation, and that perpetrators serve a punishment that is proportionate to the seriousness of their conduct.
Colville said that pardoning one of the sole convicted perpetrators of atrocities committed during the Sri Lankan conflict further undermines the limited progress the country has made towards ending impunity for mass human rights abuse

ලංකාවේ තත්වය ගැන ආරක්ෂඛ ලේකම් බොස්ටන්ට කතා කරයි

මේ වන විට එක දිගට සහ වරින් වර බල පැවැත්වෙන ඇදිරිනීතිය තව කෙතරම් කාලයක් මේ අකාරයෙන් විටින් විට හෝ එක දිගට බලපැවැත්වෙන්නේ ද යන්න ජනතාව තුල ඇතිවී තිබෙන ප්‍රශ්ණයක්. එවැනිම එක දිගටම ගුවන් ගමන් මෙන්ම විදේශීය ජනතාව වෙනුවෙන් පනවා ඇති නීති ද දිගුවක් ලෙස පවතී.  සියලට රජයට හේතුවක් ඇත. කෙසේ වෙතත් Boston අප කල විමසීමේදී අපට සැලවුයේ ඇදිරි නිතිය ඉවත් කරන කාල සීමාවක් මෙන්ම සියලු අත්හිටුවීම් ඉවත් කිරීමට රජය විසින් තීරණය කර නොමැති බවයි.
ඒ පිලිබදව Boston අප කල විමසීමට පිළිතුරු දෙමින් ආරක්ෂක ලේඛම් හිටපු මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පැවසුවේ වත්මන් ඇදිරි නිතිය ත්‍රස්තවාදී හෝ භීෂණයක් සම්බන්දයෙන් බල පැවැත්වෙන එකක් නොවන බවත් මෙය රෝග භියක් මත පැනවූ අදිරිනිතියක් බවයි. ඒ නිසා රෝග භිය මත ඇදිරි නීතිය ක්‍රියාත්මක වීම හෝ නොවීම තීරණය වන බවද ඔහු පැහැදිලි කළා.
බැසිල් රාජපක්ෂ මහතා ප්‍රමුඛ කාර්ය සාධක බලකාය ජන ජීවිතය සම්බන්දයෙන් තීන්දු තීරණ ගන්නා බවද ජනතාවගේ හැසිරීම් ද ඇදිරි නීතියට බලපාන බව ඔහු පැවසුවා. ලබා දුන් නිදහස් කාලයේදී පවා ජනතාව සෞක්‍ය අංශ සහ රජය පැවසු දේ නොතැකීම හේතුවෙන් දිගටම ඇදිරි නිතිය පැනවීමට සිදුවූ බවද ඔහු පැහැදිලි කිරීමක් සිදු කළා.
මේ අවස්ථාවේදී සියළුම අතවශ්‍ය සේවා අංශ මෙන්ම රජය මෙම තත්වයෙන් රට සහ ජනතාව මුදවා ගැනීමට අවශ්‍ය සියලු දේ ඉටු කරන බවත් එය රාජකාරියක් වගේම වගකීමක් බවත් මතක් කරමින් ආරක්ෂක ලේඛම් වරයා ඉතාමත් සංවේදී ඉල්ලීමක් ඉදිරිපත් කලේ මෙලෙස “අපි ඔබට උදව් කරනවා. ඔබ ඔබට උදව් කරන්න අපිට උදව් කරන්න”  කියාය.
එමෙන්ම විදේශීය ජනතාව සම්බන්දයෙන් ගුවන් ගමන් සම්බන්දයෙන් මේ වන විට ගෙන ඇති තීන්දු තීරණ මෙන්ම අනෙක් සියල්ල සදහාද මෙරට පවතින රෝග භිය අනුව තීරණය වන වන බවද ආරක්ෂක ලේඛම් පැවසුවා
By Ashanthi Warunasuriya

Party leaders meet and discuss situation in the country

Political party leaders met and discussed the situation in the country today.
The meeting took place at Temple Trees on an invitation extended by Prime Minister Mahinda Rajapaksa.
Former Tamil National Alliance Parliamentarian M.A Sumanthiran said that the issue of reconvening Parliament was raised at the Party Leaders’ Meeting by him and Sri Lanka Muslim Congress (SLMC) leader Rauf Hakeem.
“I said that it was not necessary to meet physically in one place but that it was important to have an active Parliament so that feedback from the people are received and for better accountability. We may also need to pass legislation re. Election etc. mode of meeting can be decided on later,” he said.
Sumanthiran said in a Facebook post that there was no response to this suggestion but there was somewhat of a favourable response to his suggestion that Party Leaders at least meet regularly, though not physically.
The party leaders sat keeping a distance between them while some wore face masks