පළාත් සභා ජන්දය

පළාත් සභා මැතිවරණය ලබන ජනවාරි මස අවසානයේ හෝ පෙබරවාරි මස මුල සති 2 ඇතුළත පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ආණ්ඩුව දින නියම කොට ඇති බව පැවසෙනවා.
පැරණි ජන්ද ක්‍රමය යටතේ මෙම මැතිවරණය පැවැත්වීමටද ආණ්ඩුව තීන්දු කර ඇති බවත් මෙම ආරංචි මාර්ග වල වැඩිදුරට සදහන් වේ.

ඇමතිවරුන් නිල නිවාස ඉල්ලයි

නව පාර්ලිමේන්තුවට පත් වී සිටින කැබිනට් සහ රාජ්‍ය ඇමතිවරුන් 70 දෙනෙකු පමණ පිරිසක් නිල නිවාස ඉල්ලුම් කර තිබෙනවා.
රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සතුව මෙතෙක් පවතින්නේ නිල නිවාස 35ක් පමණ ප්‍රමාණයකි.
අමාත්‍යංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා සඳහන් කරන්නේ එම ප්‍රමාණය ඉල්ලුම්කරුවන් ගේ උවමනාව දුර ප්‍රමාණය හා ප්‍රමුඛතාවය අනුව ලබාදීමේ වැඩ පිළිවෙළක් සකස් කර ඇති බවයි.

ඇමරිකානු තානාපතිනිය සහ සම්පන්ධන් අතර හමුවක්

දෙමළ ජතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්පන්ධන්ගේ ත්‍රිකුණාමලයේ නිවසට පැමිණි ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ඇලයිනා ටෙප්ලිට්ස් වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ සාකච්ඡා පවත්වා ඇත.
විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය, උතුරු නැගෙනහිර දෙමළ ජනතාව මුහුණ දෙන ගැටලු ද මෙහිදී සාකච්ඡාවට භාජන වී තිබේ.

දුම්රිය ඉඩමේ අනවසරයෙන් නිවාස කඩලා

දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් තඹුත්තේගම දුම්රිය ස්ථානය ආසන්න ඉඩමක් අනවසරයෙන් ඩෝසර් කර ඉදිකරන ලද නිවාස 18ක් පොලිස් ආරක්ෂාව මැද කඩා ඉවත් කර තිබෙන බව වාර්තා වේ
නව ආණ්ඩුවේ බලවතෙකුගේ ආධාරකරුවන් පිරිසක් විසින් අනුදැනුම මත මෙම ක්‍රියාව සිදුකර ඇතැයි දෙපාර්තමේන්තුවේ සාමාජිකයකු අප සමඟ පැවසු අතර කෙසේ නමුත් එම ස්ථානයට පොලීසිය යන විට ඉදිකරමින් සිටි පිරිස පලාගොස් ඇත.
දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ මෙම ඉඩම ඩෝසර් කර තාවකාලික නිවාස ඉදි කළ පිරිස හෙළිකර ගෙන ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි .