හිටපු හමුදාපතිවරුන්ට පැනවූ සම්බාධක ගැන රජයේ ස්ථාවරය නිවේදනය කෙරේ

එක්සත් රාජධානිය විසින් මෙරට හිටපු හමුදා ප්‍රධානීන් තිදෙනෙකු ඇතුළු සිව්දෙනෙකුට සම්බාධක පැනවීම සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය අද ප්‍රකාශයට පත් කර තිබෙනවා.

වගවීම සහ සංහිඳියාව පිළිබඳ දේශීය යාන්ත්‍රණ ශක්තිමත් කිරීමේ ක්‍රියාවලියේ රජය නිරත වී සිටින අතර, අතීතයේදී සිදුවූ යම් මානව හිමිකම් උල්ලංඝණය කිරීම් ඇතහොත් ඒවා පිළිබඳ දේශීය වගවීම් යාන්ත්‍රණය හරහා කටයුතු කළ යුතු බවයි විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

අදාල පුද්ගලයන් සතුව එරට ඇති වත්කම් අත්හිටුවීම සහ ඔවුන්ට එරටට ඇතුළුවීම තහනම් කිරීම ඇතුළත් මෙම සම්බාධක එක්සත් රාජධානියේ රජය විසින් ගන්නා ලද ඒකපාර්ශ්වික පියවරක් බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය අවධාරණය කර සිටිනවා.

එසේම, රටවල් විසින් ගනු ලබන එවැනි ඒකපාර්ශ්වික පියවර, ශ්‍රී ලංකාවේ දේශීය සංහිඳියා ක්‍රියාදාමයට කිසිදු සහයක් නොදක්වන අතර, තත්ත්වය තවදුරටත් ව්‍යාකූල කිරීමට ඉවහල් වන බව නිරීක්ෂණය වන බවයි තවදුරටත් දැක්වෙන්නේ.

ශ්‍රී ලංකා රජයේ මෙම ස්ථාවරය විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් විසින් ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් වෙත අද දින (26) විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේදී දැනුම් දුන් බව වැඩිදුරටත් සඳහන් වෙනවා.

අදාල නිවේදනය පහතින්.

news images

හිටපු හමුදාපතිවරුන්ට එරෙහිව පැනවූ සම්බාධක ගැන මහින්දගෙන් නිවේදනයක්

බ්‍රිතාන්‍ය විසින් හිටපු ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාපතිවරුන්ට එරෙහිව සම්බාධක පැනවීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම හමුදා ප්‍රධානීන්ට අදාළ චෝදනා කොතැනකවත් ඔප්පු කර නැති බවත්, එවකට ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපතිවරයා වූ තමන් විසින් එල්ටීටීඊ සංවිධානයට එරෙහිව යුද්ධ කිරීමට තීරණය කළ බවත්, ශ්‍රී ලංකාවේ සන්නද්ධ හමුදා එම තීරණය ක්‍රියාත්මක කළ බවයි ඔහු සිය නිවේදනයෙන් පෙන්වා දෙන්නේ.

යුද්ධය අතරතුරදී මහා පරිමාණ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සිදු වූ බවට බ්‍රිතාන්‍ය රජය විසින් කරන චෝදනා තමන් තරයේ ප්‍රතික්ෂේප කරන බව ද හිටපු ජනාධිපතිවරයා අවධාරණය කර සිටිනවා.

දශක තුනක එල්ටීටීඊ ත්‍රස්තවාදය නිසා සන්නද්ධ හමුදා සහ පොලිස් නිලධාරීන් 27,965 දෙනෙකුගේ ජීවිත ද, දේශපාලන නායකයන් ඇතුළු සිවිල් වැසියන් දහස් ගණනකගේ ද ජීවිත අහිමි වූ බවත්, 2009 දී ශ්‍රී ලංකාව පරාජය කළේ එක්සත් ජනපදයේ FBI ආයතනය විසින් ලෝකයේ දරුණුම ත්‍රස්තවාදී සංවිධානය හැටියට 2008දී නිල වශයෙන් නම් කරන ලද සංවිධානය බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

අවසන් යුද්ධයේ ක්‍රියාකළ යුධ හමුදාපතිවරයා 2010 ජනාධිපතිවරණයේදී උතුරු හා නැගෙනහිර පළාත්වල ප්‍රකාශිත ඡන්දවලින් 60% කට වඩා දිනා ගත් බව ද, බ්‍රිතාන්‍ය රජය ප්‍රවර්ධනය කරමින් සිටින මතය එයින් නිෂ්ප්‍රභා වන බව ද හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙනවා.

ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා තම රාජකාරිය ඉටු කළ සන්නද්ධ හමුදා නිලධාරීන් ඉලක්ක කරමින්, විදේශීය රජයයන් සහ සංවිධානවලින් එල්ලවෙන තාඩන පීඩනවලට එරෙහිව වත්මන් ආණ්ඩුව ඍජුව පෙනී සිටිනු ඇතැයි අපේක්ෂා කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.

අදාළ නිවේදනය පහතින්

news images

news images

බන්ධනාගාරගත කර සිටින දේශබන්දුගෙන් CIDය ප්‍රකාශ සටහන් කර ගනී

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින දේශබන්දු තෙන්නකෝන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කර ගත් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව එම විමර්ශන නිලධාරීන් දුම්බර බන්ධනාගාරයට පැමිණ ප්‍රකාශ සටහන් කර ගත් බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණි බී. දිසානායක පැවසුවේ.

2023 වසරේ දෙසැම්බර් 31 වැනිදා මාතර, වැලිගම W15 හෝටලය අසළ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දේශබන්දු තෙන්නකෝන් අප්‍රේල් 03 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර සිටිනවා.

Starlink බ්‍රෝඩ්බෑන්ඩ් සේවා අප්‍රේල් මාසයේ සිට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මකයි – නලින්ද ජයතිස්ස

Starlink චන්ද්‍රිකා බ්‍රෝඩ්බෑන්ඩ් සේවාව 2025 අප්‍රේල් මාසයේ සිට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට අනුව, මෙම අප්‍රේල් මාසයේ සිට ශ්‍රී ලාංකිකයින්ට Starlink බ්‍රෝඩ්බෑන්ඩ් සේවාවට ප්‍රවේශ විය හැකි බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

මෙහිදී අන්තර්ජාල පරිශීලකයින් හට සපයනු ලබන සේවාවේ ගුණාත්මකභාවය සහතික කිරීමට මෙන්ම, ජාතික ආරක්ෂාව පිළිබඳ ගැටළු විසඳීමටද රජය පියවර ගෙන ඇති බව ඔහු වැඩිදුරටත් පවසා සිටියා.

සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව යළි සක්‍රීය කෙරේ

සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව යළි සක්‍රීය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.

සමූපකාර තොග වෙළෙඳ සංස්ථා පනත පරිච්ඡින්න කර, එම ආයතනය ඈවර කිරීමට පසුගිය රජයේ අමාත්‍ය මණ්ඩලය විසින් 2024-09-02 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කරනු ලැබුවා.

නමුත්, මහජනතාව වෙත ගුණාත්මක භාණ්ඩ හා සේවා සාධාරණ මිල ගණන් යටතේ, අඛණ්ඩව සැපයීම සහතික කිරීමේ අරමුණින්, වෙළෙඳපොළ මෙහෙයුම් තුළ රජයේ කාර්යභාරය ක්‍රියාත්මක කිරීම සඳහා සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවට තීරණාත්මක කාර්යභාරයක් ඉටු කිරීමට හැකියාව පවතින බව හඳුනාගෙන තිබෙනවා.

එබැවින්, සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව ඈවර කිරීම සම්බන්ධයෙන් පෙර අමාත්‍ය මණ්ඩල විසින් ගනු ලැබූ තීරණය අවලංගු කර, ශක්‍යතාවයෙන් යුත් ව්‍යාපාරික සැලැස්මක් මත පදනම්ව, එම සංස්ථාවේ ව්‍යාපාරික කටයුතු නැවත ආරම්භ කිරීම පිණිස වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙන බවයි සඳහන් වන්නේ.

අදාළ කැබිනට් තීරණය පහතින්.

news images

පෙම්වතාගේ නිවසේදී තාප්පයට යටවී අවසනාවන්ත ලෙස අවසන් ගමන් ගිය පෙම්වතිය….

https://www.youtube.com/embed/FZ0wAOMQB3g?si=VjHOMW1JOgVDNs2r” title=

යවැය සම්මත වුනා කියලා උඩ පනින මාලිමාවේ අයට පුබුදු ජයගොඩගෙන් අපූරු පාඩමක්….

https://www.youtube.com/embed/tYUgvWo7gWc?si=PkvcBm5JJzY0sl93″ title=

බස් රියදුරාට ගැහුව ලොරි චන්ඩි ගාල්ල මාතර රියදුරන් වර්ජනයකුත් අරඹයි….

https://www.youtube.com/embed/8YOIHf4GIxg?si=ru-1zzHp-Vh_lo6K” title=

අපේ අය එහෙට නොගියට ඒ පැත්ත ගැන ෂුවර් නැහැ කියන මන්ත්‍රී මුජිබර් රහුමාන්….

https://www.youtube.com/embed/9oHZM-oZQbo?si=deeno6SpzzAZRsDQ” title=

තිරප්පනේ පුංචිකුලමේ ගෙවත්තකට ආ කිඹුලාව නිරුපද්‍රිතව මහකනදරාව වැවට මුදා හැරිය අයුරු……

https://www.youtube.com/embed/GdMRMKB89vg?si=1EOmMNvNPRE43a41″ title=