අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 3ක මිල පහත දැමීමට තීරණය කර ඇති බව ලංකා සතොස පවසනවා.
ඒ අනුව වටානා, පාන්පිටි සහ රතු පරිප්පුවල මිල මෙලෙස අඩුකර ඇති බවයි සඳහන් වන්නේ.
ඒ අනුව අඩු වූ මිල සහ නව මිල පහතින් දැක්වෙනවා.
* වටානා – රු.13 කින් (නව මිල රු.275)
* පාන්පිටි – රු.5 කින් (නව මිල රු.195)
* රතු පරිප්පු – රු.4 කින් (නව මිල රු.295)