ජනවාරි මස ආරම්භයත් සමග මේ දක්වා මෙරටට පැමිණි සංචාරකයින් ගණන ලක්ෂ 11 සීමාව ඉක්මවා තිබේ.
ඒ අනුව ජනවාරි 01 වැනිදා සිට ජුනි 21 දින දක්වා මෙරටට පැමිණි සංචාරකයින් ගණන 1,104,354ක් දක්වා වාර්තා වී ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේය.
මේ අතර ජුනි 01 වනදා සිටි 21 වනදා දක්වා පැමිණි සංචාරකයින් ගණන 82,332ක් බවද එම අධිකාරිය සඳහන් කර තිබේ.
ජුනි මාසයේදී මේ දක්වා පැමිණ ඇති සංචාරකයින් අතුරින් වැඩිම සංචාරකයින් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එම සංචාරකයින් ගණන 31,158ක් වේ.
දෙවැනියට වැඩිම සංචාරකයින් පැමිණ ඇත්තේ එක්සත් රාජධානියෙන් වන අතර එම අගය 6,658ක් ලෙසද සටහන් වී තිබේ.
තෙවැනියට වැඩිම සංචාරකයින් පිරිසක් චීනයෙන් පැමිණ ඇති අතර එම සංචාරකයින් ගණන 5,178කි.
මේ අතර වසරේ ගතවූ කාලය තුළ වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේද ඉන්දියාවෙන් වන අතර එම අගය 281,418කි.
මීට අමතරව එක්සත් රාජධානියෙන් සංචාරකයින් 104,751ක් සහ රුසියාවෙන් සංචාරකයින් 76,963ක්ද මෙරටට පැමිණ ඇත.
එමෙන්ම වසරේ ගතවූ කාලය තුළ වැඩිම සංචාරකයින් ප්රමාණයක් පමිණ ඇත්තේ පෙබරවාරි මාසයේදී වන අතර එම අගය 279,328ක් ලෙසට සටහන් වී ඇත.

