මැයි මාසයේ මෙරට උද්ධමන අනුපාතනය 5.4%ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව පැවසුවේ 2026 අප්‍රේල් මාසයේදී 4.7%ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමන අනුපාතය මේ අනුව ඉහළ ගොස් ඇති බවය.
මේ අතර 2026 අප්‍රේල් මාසයේදී 1.1%ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්ෂ්යමය උද්ධමන අනුපාතය මැයි මාසයේදී 1.5ක් දක්වා ඉහළ ගොස් තිබේ.
එමෙන්ම අප්‍රේල් මාසයේදී 7.8%ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්ෂ්යමය උද්ධමන අනුපාතයද ඉහළ ගොස් ඇති අතර ඒ අනුව එය 8.6%ක අගයක් ගෙන ඇත.

