කුරුඳුවත්ත බෞද්ධාලෝක මාවතේ පිහිටි අතුලදස්සනාරාම විහාරස්ථානයේ වාර්ෂික පෙරහැර හේතුවෙන් එම ප්රදේශය ආශ්රිත මාර්ග භාවිත කරන්නන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.
ඒ අනුව එම විහාරස්ථානයේ වාර්ෂික පෙරහැර අද රාත්රී 7.00 ට ආරම්භවීමට නියමිත අතර පෙරහැර බෞද්ධලෝක මාවත, කනත්ත වටරවුම, බේස්ලයින් පාර බොරැල්ල හන්දිය, මරදාන පාර බේස්ලයින් හරස් පාර, ලෙස්ලි රණගල හන්දියෙන් නැවත හැරී එම මාර්ගයේම විහාරස්ථානය දක්වා ගමන් කිරීමට නියමිතව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
මේ හේතුවෙන් පෙරහැර ගමන් ගන්නා මාර්ග භාවිත කිරීමේදී වාහන තදබදයක් ඇති විය හැකි බැවින් එම අපහසුතා මගහරවා ගැනීමට විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය ජනතාවට දැනුම් දෙනවා.

