විදුලි ගාස්තු සංශෝධනය සඳහා අනුමැතිය ලබාදීම විදුලිබල පනතේ 30 වන වගන්තියට පටහැනි බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසනවා.
ඒ අනුව සෙසු සාමාජිකයන් මෙවැනි නීති විරෝධී තීරණයක් ගනු ලැබුවේ දේශපාලන අධිකාරියේ, ලංකා විදුලිබල මණ්ඩලයේ හා විදුලිබල අමාත්‍යංශයේ නිලධාරීන්ගේ බලපෑම්වලට යටත්ව බවයි ප්‍රකාශයක් නිකුත් කරමින් ඔහු සඳහන් කරන්නේ.
පාඩු ලබන විදුලිබල මණ්ඩලයේ අලාභය පියවා ගැනීම, ඉදිරියේදී වැඩි මිලක් ගෙවා ගල් අඟුරු සහ ඉන්ධන ලබා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කෙරෙමින් ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.
මෙම ගාස්තු සංශෝධනය නීතියට පටහැනි බවත් ඉදිරියේදී අවශ්‍ය නීතිමය පියවර ගෙන මෙම අත්තනෝමතික ලෙස වැඩිකරනු ලැබූ විදුලි ගාස්තු සංශෝධනය නතර කරනු ඇතැයි බලාපොරොත්තු වන බවයි මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක වැඩිදුරටත් සඳහන් කළේ.

