අද සි​ට විදුලි ගාස්තු ඉහළ නැංවීමට මහජන උපයෝගීතා කොමිසමේ බහුතර අනුමැතිය

electrycity-miter

රුපියල් බිලියන 287 ක අමතර ආදායමක් විදුලි බල මණ්ඩලයට ලැබෙන පරිදි 66% කින් විදුලි ගාස්තු වැඩි කිරීමට මහජන උපයෝගීතා කොමිසමේ බහුතර සාමාජිකයන්ගේ අනුමැතිය හිමිවී තිබෙනවා.

මෙම යෝජනාව සඳහා මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක සිය විරෝධය පළකර ඇති අතර සෙසු සාමාජිකයන් තිදෙනා වන නීතීඥ චතුරිකා විජේසිංහ, ඩග්ලස් නානායක්කාර සහ එස්. ජී. සේනාරත්න එකඟතාව පළ කිරීම හේතුවෙන් එම යෝජනාව සම්මත වී ඇති බවයි සඳහන් වන්නේ.

මහජන උපදේශන හා සියලු පාර්ශවයන්ගේ යෝජනා අනුව රුපියල් බිලියන 142 ක ආදායමක් ලැබෙන පරිදි 36% ක විදුලි ගාස්තු වැඩිවීමක් මහජන උපයෝගීතා කොමිසම සකස් කර තිබූ නමුත් ඊට පක්ෂ වී ඇත්තේ කොමිසමේ සභාපති ජනක රත්නායක පමණක් බවයි සඳහන් වන්නේ.

ඒ අනුව අද (15) සිට මෙම සංශෝධනය ක්‍රියාත්මක වීමට නියමිත බවයි වාර්තා වන්නේ.