මහත් ආන්දෝලනයට ලක් වූ ටිකිරි අවුරුදු 70 ආයු වළදා කොළඹ අගනුවරට කිලෝමීටර් 80 ක් (සැතපුම් 50 ක්) නැගෙනහිරින් පිහිටි කෑගල්ලේදී 24 වන අඟහරුවාදා රාත්‍රියේ මිය ගියා.
මේ පිළිබදව සමහරුන් කියන්නේ ටිකිරි දැඩි මන්දපෝෂණයෙන් පෙළුණ බව. දුර්වල සිටි සත්වයා දළදා මාලිගාවේ මෙවර පෙරහැරට එකතු වීමත් සමග ඊට එරෙහිව සමාජ මාධ්‍ය වල ගිනි කුණාටුවක් පුපුරා ගියා මෙන් කතා බහට ලක් වුණා. එහෙත් ඇයගේ භාරකරුවන් සඳහන් කළේ බාරයක් ඔප්පුකිරීම වෙනුවෙන් ටිකිරි ඇතින්න පෙරහරේ ගමන් කරවූ බවට
සේව් එලිෆන්ට් පදනමේ නිර්මාතෘ ලෙක් චයිලර්ට් සමාජ මාධ්‍යවල මේ ගැන මෙසේ ලියා තිබුණා. “ටිකිරි ඇගේ ඇඳුම නිසා කෙතරම් දුර්වල දැයි ප්‍රේක්ෂකයන්ට නොතේරුණු බවයි.මහජනයාගේ විරෝධයෙන් පසුව වනජීවී අමාත්‍ය ජෝන් අමරතුංග සෞඛ්‍ය සම්පන්නව සිටියද ටිකිරි වාර්ෂික පෙළපාළියට සහභාගී වූයේ ඇයිද යන්න පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීමට නියෝග කළ නමුත් එහි ප්‍රතිපල තවමත් අනාවරණය වුණේ නම් නැහැ.
දිවයිනේ බොහෝ වෙහෙර විහාරස්ථාන වල සාම්ප්‍රදායික බෙර වාදකයින් සහ නර්තන ශිල්පීන් මෙන්ම අලි 100 කට ආසන්න සංඛ්‍යාවක් සමඟ වාර්ෂික උත්සවය පවත්වන අමුතුවෙන් කිව යුතු නැත. බොහෝ ධනවත් ශ්‍රී ලාංකිකයන් අලි සුරතල් සතුන් ලෙස තබාගත්තද, අයුතු ලෙස සැලකීම සහ කුරිරුකම් පිළිබඳ ලැබුණු කන වැකුණු පැමිණිලිත් බොහෝයි.
ගිනස් ලෝක වාර්තාවල දැක්වෙන්නේ ආසියානු අලියෙකුගේ සාමාන්‍ය වයස අවුරුදු 60 ක් පමණ වන අතර, වාර්තාගත වයස්ගතම තැනැත්තා ලින් වැන්ග් ය. දෙවන ලෝක යුද්ධ සමයේ බුරුමයේ සිටි තායිවාන් සත්වෝද්‍යානයක මිය යාමට පෙර ජපාන හමුදාවට අවශ්‍ය භාණ්ඩ රැගෙන ගිය ගොනෙකු වූ ලින් වැන්ග් ය. 2003 වයස අවුරුදු 86 යි.
කුමන ප්‍රශ්ණයක් තිබුනත් ටිකිරිගේ වියෝව මුළු මහත් ජනතාවගේම කම්පාවට හේතුවක් වෙලා. මෙතෙක් කල් ටිකිරි බලාගත් ඇත්ගොව්වා ටිකිරිකගේ නිසල දේහය ළඟට වී හඩා වැටෙනවා. දළඳා පෙරහැරේ විශ්ණු දේවාලය නියෝජනය කරමින් මහනුවර රන්දෝලි පෙරහැරේ ටිකිරි ඇතින්න ගමන් කරන්නේ වයස අවුරුදු 5 සිට. මෙවරත් වයෝවෘධ වූවත් අලංකාර වස්ත්‍රාභරණයෙන් සැරසී මෙලෙස මෙවර දළඳා පෙරහැරේද ටිකිරි ගමන් කළේ පොඩ්ඩක්වත් තමන්ගේ අසනීප තත්වය නොපෙන්වීමට. එලෙස ටිකිරි තේජාන්විතව ගමන් කරනකොට මිනිසුන් මෙන්ම දෙවියොත් වන්දනා කරන්නට ඇති. මේ සා කාලෙට මේ විදියට පුරෝ ගත් පිං හොදටෝම ටිකිරිට ඇති වේවී මාර්ග පල වලට එලබීමට.
‘මම මේ ඇතින්න පෙරහරට එව්වේ සල්ලි හොයන්න නෙවෙයි. සතා දැන් මාස හයක ඉඳලා ලෙඩින් ඉන්නේ. කෑම කෑවත් ඒවා ජීර්ණය වෙන්නේ නැහැ. ඒ නිසා ඇඟ දවසින් දවස කෙට්ටු වුණා. බෙහෙත් කළත් මුල් කාලයේ ඒවා ඇඟට පත්තියම් වුණේ නැහැ. දැඩි මුණ්ඩ දෙවියන්ටත් විෂ්ණු දෙවියන්ටත් බාරයක් වුණා ඇතා ජීවත් වුණොත් මහනුවර පෙරහරේ එක රන්දෝලි පෙරහරකට හරි සම්බන්ධ කරනවා කියලා. දෙවියන්ගේ පිහිටෙන් ඇතින්නට සුව වුණා. මම දෙවියන්ට වුණු පොරොන්දුව ඉෂ්ඨ කරන්න ඕන. ඒක සමාජ මධ්‍යය වලින් මාවත් පෙරහරත් විවේචනය කරන උදවිය දන්නේ නැහැ. මගේ අතේ සල්ලි වියදම් කරලා තමයි කෑගල්ලේ රන්දෙණියේ ඉඳලා ඇතින්න නුවර යැව්වේ. කෑම දිරවන්නේ නැති නිසා සතාව දවසකට කිලෝ මීටර දෙක තුනක් ඇවිද්දවන්න කියලා වෛද්‍යවරු කිව්වා. අපි ඒක හැමදාම කරනවා. පෙරහරේ යනකොටත් කරන්නේ සතා ඇවිදින එකනේ.
දැන් ඇතින්නට වයස 70 ක් පමණ වෙනවා. වයසත් එක්ක ලෙඩකුත් හැදුණ නිසා සතා හොඳට ම දුර්වලා වුණා. දැන් ගොඩක් හොඳයි. අපි පෙරහරට එව්වා කියලා එකපාරටම සතාව පෙරහරට දාන්න බැහැ.පේරාදෙණිය පශු වෛද්‍ය පීඨයේ වෛද්‍යවරු සතාව පරීක්ෂා කරලා බලලා පෙරහරේ යවන්න කියලා නිර්දේශයක් දුන්නට පස්සේ තමයි එයාව පෙරහරට සම්බන්ධ කරන්නේ. මම මේ ඇතින්න වෙනුවෙන් මාසෙකට රුපියල් ලක්ෂ එකහමාරක් විතර වියදම් කරනවා. සතා ජීවත් කරවන්න අපි ගන්න මහන්සිය කවුරුත් දන්නේ නැහැ. මේ සත්තුන්ගේ අයිතීන් වෙනුවෙන් කෑගහන අය එක රුපියලක් සත්තු වෙනුවෙන් වැය කරනවද? අපිත් සත්තුන්ට ආදරෙයි.“ ටිකිරිගේ භාරකරු පැවසුවේ මෙවැන්නකි.
ටිකිරි හිමිකරුවන් කිහිප දෙනෙකුගේම අතින් අතට ගිය ඇතින්නියක්. ඇතින්න මුලින් අයිතිව ඇත්තේ රත්වත්තේ පවුලට. පසුව පිළිමතලාව ආරියසේන මහතා ඇතින්නව මිලට ගෙන මතුගම ජගත් විතාන මහතාටත් කොළොන්නාව සුමංගල හිමියන්ටත් ඇතින්නගේ හිමිකාරත්වය ඉන් පසුව පැවරී තිබෙනවා. අවසානයේ කෑගල්ල රන්දෙණියේ තිලකරත්න මහතාට ටිකිරිගේ අයිතිය පැවරි ඇත. ටිකිරි ඇතින්න අවුරුදු පහක පමණ වයසේ සිටියදී බලපත්‍ර මත කැලයෙන් අල්ලපු සතෙක් බවට අනුමාන කරනවා.
සත්ත්ව හිංසාව වෙනුවෙන් බොරුවට ඩොලර් වලට කෑ ගහන අය අනන්තයි. සත්ත්ව සුබ සාධනය අත්‍යවශ්‍යය කාරණයක්. සතුන්ට හිංසාවක් වෙනවා නම් ඒක කොයි සතාටත් එකයි. රජ කාලේ ඉඳලා මේ පෙරහර සංස්කෘතිය අපේ ජාතියට උරුමව පවතින දෙයක්. අලි ඇතුන් ගමන් කළේ අද ඊයේ නොවේ. සතා සුව වෙන්න කියලා වුණු බාරයක් ඔප්පු කරන්න හෝ ඌ ගෙනාවත් ඔහුගේ සුවතාවය පරික්ෂ කල යුතුව ඇත.
ටිකිරි ඇතින්න වෙනුවෙන් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ද සිය ට්විටර් ගිණුමෙන් මෙසේ සටහන් කර තිබිණි.
”පිංබර ටිකිරි, මෙතුවක් කල් උතුම් දළඳා පෙරහැර වර්ණවත් කලාට ඔබට පිං
විශ්‍රාමික ඔබෙන් හිස්වූ ඒ හිඩැස නුදුරේදී තරුණ ඇතෙකු සපුරනු ඇත …
ඒ දෙස බලා ඔබ සතුටු කඳුලු හෙලනා බව විශ්වාසය..”
මෙම ඇතින්න පසුගිය වසරේ පෙරහැරේ ගමන් කළ ඇය ආහාර ජීරණ පද්ධතියේ ඇතිවූ රෝගි තත්ත්වයක් නිසා මාස 6ක් තිස්සේ පීඩාවට පත්ව සිටි ඇති බවද ඇතින්ගේ බාරකරු පැවසුවා. ඇය පිළිබඳ මෙරට පමණක් නොව, දැන් විදෙස් පරිසරවේදින්, සත්වවේදීන් ද කතා කරන්නට පටන්ගෙන. අයිතිකරුවන් සිටියත් අද පවතින වාතාවරණය හමුවේ මෙවන් සතුන්ට අහාර දීමේ වියදම් පියවා ගැනීමේ අසීරුතාවයන් බොහොමයකි තිබෙනවා. එවන් අවස්ථාවලදී සහන ආධාර වැඩපිළිවෙලක්, අලි අලි ඇතුන් සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් සැකසීමට මෙන්ම ඔවුන්ට විශ්‍රාම වයසක් ගෙන ඒමට හෝ කිසියම් වැඩ පිළිවෙලක් ගෙන ඒමට මෙතෙක් ශ්‍රී ලංකාව සමත් වී නැහැ. රටට හෙන ගැහුවත් පුටු රත්කරන මෝඩයින් පුටුවල ඉන්නතාක් මේ රට එක ලෙසට එක තැන පල වනු ඇත.
ටිකිරිට නිවන් සුව !!
By Ashanthi Warunasuriya.