අමෙරිකානු ජාතිකයින් පිරිසකුත් බුදු දහම වැළඳ ගනී

1 (2) (1)

දුරුතු පුරපසලොස්වක පොහොය වෙනුවෙන් නෙත් එෆ්. එම්. රේඩියෝව සංවිධාන කළ ශ්වේත පූජා පිංකම් මාලාවට සමගාමීව අමෙරිකානු ජාතිකයන් පිරිසක් බුදුදහම වැළද ගැනීම සිදුකර තිබෙනවා.

අමෙරිකාවේ ප්‍රධාන සංඝනායක අමෙරිකාවේ බ්ලූ ලෝටස් විහාරාධිපති පූජ්‍ය පේරාදෙණියේ සිරි සුජාත හිමියන්ගේ ධර්ම දේශනා ශ්‍රවණය කිරීමෙන් අනතුරුව බෞද්ධ ධර්මය පිළිබඳ පැහැදුනු මෙම ඇමෙරිකානු ජාතිකයන් පිරිස  සිරි සුජාත හිමියන්ගේ මාර්ගෝපදේශයෙන් මෙරටට පැමිණ තිබෙනවා.

ඒ අනුව පේරාදෙණියේ ශ්‍රී සුබෝධාරාම විහාරාධිපති ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය වත්තේගම ශ්‍රී ධම්මාවාස හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ඔවුන් පංචශීලයෙහි පිහිටුවීමෙන් අනතුරුව ඔවුන් සිය අමෙරිකානු නාමයන් වෙනුවට බෞද්ධ නාමයන් ලබාගැනීමටද කටයුතු කර තිබෙනවා.

මෙලෙස බෞද්ධයන් බවට පත්වූයේ  Barry Shaffer,  JeannineOulette, Michael Kramer, Tyler Lewke, Zoe Winter, Patricia Miller, Dan oliverio යන අමෙරිකානු ජාතිකයන් පිරිසයි.

1 (1) (2) 1 (2) (1) 1 (3) (2)1 (7) (1) 1 (6) (1) 1 (5) (1)1 (4) (2) 1 (3) (2) 1 (2) (1) 1 (1) (2)