රෝහිත රාජපක්ෂ හා ටට්යානා ලී ජයරත්න අතර විවාහය

1 (18)

දේශපාලනයේ පස මිතුරන් එකට මුණ ගැසුණු අවස්ථාවක් අද තංගල්ලේදී දක්නට ලැබුණා.

ඒ හිටපු ජනාධිපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්ෂ මහතාගේ විවාහ මංගල්‍යෙය්දී.

රෝහිත රාජපක්ෂ හා ටට්යානා ලී ජයරත්න අතර මෙම විවාහය සිදුවුණේ වීරකැටිය කාල්ටන් විවෘත පරිශ්‍රයේදී.

දේශපාලන කේෂත්‍රයේ පස මිතුරන් මෙම විවාහ මංගල්‍යයේදී එකට එක්ව  සිටීම කාගේත් අවධානයට ලක් වුණා.

විවාහයට සැපයුනේ දේශීය ආහාර වර්ග පමණයි.

අමුත්තන් සදහා පළමු පිළිගැන්වීම ලෙස ලබා දී ඇත්තේ රණවරා, දිවුල් යුෂ සහ බෙලිමල්. ගැමි ආකාරයට සකසා තිබු ආහාර පිලිගන්වා තිබුණේ මැටි හට්ටිවලයි.

තවද මෙහිදී කිසිදු මස් වර්ගයක් එක් කර නොගැනීමටද කටයුතු කර තිබෙනවා.

රටට ප්‍රසිද්ධ නොකලද මෙම විවාහය සදහා මැදමුලන ගම්මානයේ සියලුම දෙනාට ආරාධනා කර තිබු බවටයි වාර්තා වුණේ.

අග්‍රාමතච්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද මෙම විවාහ මංගල්‍යය සදහා ආරාධනා ලැබ තිබුණා.

ඊට අමතරව කරු ජයසුරිය, කබීර් හෂිම්, සාගල රත්නායක, මංගල සමරවීර ඇතුළු ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් රැසක්ම මෙම අවස්ථාව සදහා එක්ව සිටිනු දක්නට ලැබුණා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විදේශ සංචාරයක නිරතව ඇති එහෙයින් ඔහු ඊට සහභාගී නොවුනත් මීට පෙර මනාල යුවල මුණ ගැසී සුභපැතුම් එක් කර තිබෙනවා.

ටට්යානා සහ රෝහිතට බොස්ටන් ලංකා අපි සුබ මංගලම් යනුවෙන් ප්‍රාර්ථනා කරනවා.

1 (16) 1 (18) 1 (19) 1 (20) 1 (21) 1 (23) 1 (24) 1 (25) 1 (26) 1 (27) 1 (28) 1 (29) 1 (30) 1 (31) 1 (33) 1 (34) 1 (35) 1 (36) 1 (37) (1) 1 (37) 1 (38)