ඊයේ (13) දින දහවල් කාලයේදී තම කුඹුර වෙත පැමිණි පුද්ගලයෙකු කුඹුරට ගොස් ඔහුගේ කකුල සේදීම සදහා ගැටලාව වැවට බැස ඇති අතර එම අවස්ථාවේ දී වැවෙහි ජලයේ තිබී උණ්ඩ කිහිපයක් දැක ඇති අතර මේ පිළිබඳව එම පුද්ගලයා විසින් කඩිනිමනි මේ පිළිබඳව 118 හදිසි ඇමතුම් අංකය හරහා විසින් ගලෙන්බිඳුණුවැව පොලිස් ස්ථානය දැනුවත් කර තිබෙනවා.පසුව මේ පිළිබඳව කඩිනමින් ක්රියාත්මක වු ගලෙන්බිඳුණුවැව පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ඩබ්.එම්.එම්.ඩී.එන් චතුරංග මුරමුදලි මහතා ඇතුළු පොලිස් නිළධාරින් පිරිසක් විසින් සිදුකළ පරීක්ෂා කිරීමේදී ගලෙන්බිඳුණුවැව පොලිස් වසමේ ගැටලාව වැවෙහි එක් ස්ථානයක ජලයේ තිබී විවිධ වර්ගයේ ජීව පතොරම් විශාල ප්රමාණයක් ඊයේ (13) දින සොයාගැනීමට හැකිවුණා.
සොයාගත් පතොරම් තොගය (5038) පන්දහස් තිස්අටක ප්රමාණයක් බවයි පොලිසිය සදහන් කළේ.
සොයාගත් උණ්ඩ තොගය මේ වන විට පොලිස් භාරයේ ඇති අතර අද (14) දින විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා එම ස්ථානය තවදුරටත් පරීක්ෂා කිරීමට නියමිතයි
මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ උතුරුමැද පළාත් ජේෂ්ඨ නියෝජ්යය පොලිස්පති බුද්ධික සිරිවර්ධන මහතාගේ විශේෂ උපදෙස් අනුව කැබිතිගොල්ලෑව කොට්ඨාස භාර ජේෂ්ඨ පොලිස් අධිකාරී ප්රසන්න බ්රාහ්මණගේ මහතාගේ මෙහෙයවීම යටතේ ගලෙන්බිඳුණුවැව පොලිස් ස්ථානයේ ස්ථානාධිපති එම්.එම්.ඩී.එන් චතුරංග මුරමුදලි මහතා වැඩිදුරටත් පරීක්ෂණ සිදුකරනු ලබනවා.

