අමෙරිකාවේ පවතින දරුණු ලැව්ගිනි, තවත් සතියක පමණ කාලයක් යනතුරු පැවතිය හැකි බවට එරට බලධාරීන් අනතුරු අඟවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ අනුව මේ වන විට පැලිසේඩ්ස් ප්‍රාන්තයේ තවත් ප්‍රදේශ 3 ක් දක්වා ලැව්ගිනි පැතිරෙමින් ඇති බවයි සඳහන් වෙන්නේ.
ආරක්ෂිත ස්ථාන කරා යොමුකර ඇති පුද්ගලයින් සංඛ්‍යාව, 140,000 කට අධික බවත් වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව, 11 ක් බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.