පිටිගල පොලිස් වසමේ නියාගම ගුරුවල ප්‍රදේශයේ වෙළඳසැලක් තුල දී වෙඩි තබා පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කිරීමට අදාල වෙඩික්කරු හා පැදිකරු ප්‍රවාහනය කිරිම හා ද්විත්ව මනුෂ්‍ය ඝාතනයකට ආධාර අනුබල දුන්, සංවිධානාත්මක අපරාධ හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන කරන්දෙණිය සුද්දා හා සමන් කොල්ලා යන අයගේ සමීප ගෝලයින් තිදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට ගත් බව එම බලකාය කියයි.

අම්බලන්ගොඩ අනුරාධ ප්‍රියදර්ශන.

විශේෂ කාර්ය බලකාය දකුණු පලාත් විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් 2024.04.17 වන දින බොරලැස්ගමුව පොලිස් වසමේ අංක 59, GH පෙරේරා මාවත, රත්තනපිටිය, බොරලැස්ගමුව ලිපිනයේ දී වැටලීමක් සිදුකර ඇත.

එහි දී 2024.03.11 වන දින පිටිගල පොලිස් බල ප්‍රදේශයේ ගුරුවල හොරංගල්ල නියාගම ප්‍රදේශයේ වෙළඳසැලක් තුල දී වෙඩි තබා පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කිරීමට අදාල වෙඩික්කරු හා පැදිකරු ප්‍රවාහනය කිරිම හා ද්විත්ව මනුෂ්‍ය ඝාතනයකට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධ හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන කරන්දෙණිය සුද්දා හා සමන් කොල්ලා යන අය සමඟ සමීප සම්බන්ධතා ඇති කහදූව, උණන්පිටිය සහ තවලම ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 22, 24 සහ 31ක් වන පුද්ගලයින් තිදෙනෙකු යතුරුපැදියක් සහ ජංගම දුරකථන 03 ක් සමග අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පිටිගල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
පොලිස්පති තුමාගේ යුක්තිය මෙහෙයුම සංකල්පය මත මුළු දිවයිනම ආවරණය වන පරිදි විෂ මත්ද්රව්ය ජාවාරම් කරුවන් හා බෙදා හරින්නන්ගේ ජාලයන් මර්ධනය කර මනුෂ්ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ ක්රියාකාරකම් මැඩලීම සඳහා සිදු කරනු ලබන වැඩ සටහනට සමගාමීව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි අධ්යක්ෂ බුද්ධි ජේෂ්ඨ පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මගපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්රව්ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත විශේෂ කාර්ය බලකාය දකුණු පලාත් විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එච්.ජි.එස්.සි. නිශ්ශංක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීමක් සිදුකර ඇත.

WhatsApp Image 2024-04-18 at 21.32.48 WhatsApp Image 2024-04-18 at 21.32.47 (1) WhatsApp Image 2024-04-18 at 21.32.47