කුරුදුගහහතැක්ම දි මහජන සෞඛ්‍යය පරික්ෂකවරයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ පරික්ෂණ වලට අදාල ගිණි තබා විනාශ කරන ලද යතුරු පැදියට අදාල බවට සැකකෙරෙන ඉදීරිපස හා පසුපස අංක තහඩු සහ යතුරු පැදි වල කොටස් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් රන්තොටුවිල කරිජ්ජවේල්ල කැටපහ බෝක්කුව අසල ඇලේ තිබි සොයාගනි.

WhatsApp Image 2024-04-18 at 21.33.52

අම්බලන්ගොඩ අනුරාධ ප්‍රියදර්ශන.
කුරුදුගහහතැක්ම දි මහජන සෞඛ්‍යය
පරික්ෂකවරයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ පරික්ෂණ
වලට අදාල ගිණි තබා විනාශ කරන ලද යතුරු පැදියට
අදාල බවට සැකකෙරෙන ඉදීරිපස හා පසුපස අංක තහඩු
සහ යතුරු පැදි වල කොටස් පොලිස් විශේෂ කාර්ය
බලකාය විසින් රන්තොටුවිල කරිජ්ජවේල්ල කැටපහ
බෝක්කුව අසල ඇලේ තිබි සොයාගනි.

විශේෂ කාර්ය බලකාය විශේෂ මෙහෙයුම් ඒකකයේ
නිලධාරීන් කණ්ඩායමක් විසින් 2024.04.17 වන දින
ඌරගස්මංහදිය පොලිස් වසමේ රන්තොටුවිල
කරිජ්ජවේල්ල කැටපහ බෝක්කුව අසල දී වැටලීමක්
සිදුකර ඇත.
එහි දී 2024.02.26 වන දින ඇල්පිටිය පොලිස් වසමේ
කුරුදුගහහතැක්ම දි මහජන සෞඛ්‍යය
පරික්ෂකවරයෙකු වන රෝශාන් කුමාර යන අය වෙඩි
තබා ඝාතනය කිරිමෙන් දින දෙකකට පසු එනම්
2024.02.28 වන දින DIO වර්ගයේ යතුරු පැදියක්
රන්තොටුවිල කරිජ්ජවේල්ල කැටපහ බෝක්කුව අසලදි
ගිණි තබා තිබියදි සොයා ගත් යතුරු පැදියට අදාල බවට

සැකකෙරෙන ඉදීරිපස හා පසුපස අංක තහඩු දෙකක් හා
ස්කූටර් වර්ගයේ යතුරු පැදි වල ඉන්දන ටැංකිය වැසිම
සදහා භාවිතා කරනු ලබන රවුම් හැඩති මුඩියක්ද
ඌරගස්මංහදිය පොලිස් වසමේ රන්තොටුවිල
කරිජ්ජවේල්ල කැටපහ බෝක්කුව අසල ගැඹුර අඩි 9ක්
පමණ වන ඇල තුල දි සොයාගෙන වැඩිදුර විමර්ශන
කටයුතු සඳහා ඌරගස්මංහදිය පොලිස් ස්ථානය වෙත
භාර දී ඇත. පොලිස්පති තුමාගේ යුක්තිය මෙහෙයුම
සංකල්පය මත මුළු දිවයිනම ආවරණය වන පරිදි විෂ
මත්ද්රව්යජාවාරම් කරුවන් හා බෙදා හරින්නන්ගේ
ජාලයන් මර්ධනය කර මනුෂ්ය ඝාතන හා
සංවිධානාත්මක අපරාධ ක්රියාකාරකම් මැඩලීම සඳහා
සිදු කරනු ලබන වැඩ සටහනට සමගාමීව විශේෂ කාර්ය
බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්ය පොලිස්පති
නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස්
පරිදි අධ්යක්ෂ බුද්ධි ජේෂ්ඨ පොලිස් අධිකාරී එම්.එම්.කේ.
විජේසිංහ මහතාගේ මගපෙන්වීම පරිදි සහකාර පොලිස්
අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්රව්ය නාශක හා
සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර
මහතාගේ අධීක්ෂණය මත විශේෂ කාර්ය බලකාය
විශේෂ මෙහෙයුම් ඒකකය II හි උප ස්ථානාධිපති පොලිස්
පරීක්ෂක එස්.කේ කග්ගොඩආරච්චි ඇතුළු නිලධාරීන්
කණ්ඩායමක් විසින් මෙම මෙහෙයුම සිදුකර ඇත.

WhatsApp Image 2024-04-18 at 21.33.52