මුහුදුබඩ මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් දුම්රිය ප්‍රමාදයන් සිදුවිය හැකියි – දුම්රිය දෙපාර්තමේන්තුව

trainjaffna

කොළඹ මහ නගර සභාව විසින් බම්බලපිටිය දුම්රිය ස්ථානය ආසන්නයේ සිදු කිරීමට නියමිත සංවර්ධන කටයුත්තක් හේතුවෙන් අද (29) සිට 31 දක්වා මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුව හා වැල්ලවත්ත දුම්රිය ස්ථාන අතර තනි මාර්ගයේ ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව දුම්රිය ගමන් වාර කිහිපයක් එම දින වල අවලංගු කිරීමට කටයුතු යොදා ඇති අතර ඇතැම් දුම්රිය ප්‍රමාදවීම් වලට ද ලක් වීමට සිදුවිය හැකි බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.