පානදුර අළුයම කල යුක්තියේ මෙහෙයුමෙන් 18 ක් කොටු.

22b7626a-2fd54cca-38f8ad29-arrest_850x460_acf_cropped_850x460_acf_cropped

පානදුර අළුයම කල යුක්තියේ මෙහෙයුමෙන් 18 ක් කොටු.

ගල්පාත චන්දන පෙරේරා

පානදුර මෝදරවිල සුනාමි නිවාස සංකීර්ණය වටලා සිදුකළ සෝදිසි මෙහෙයුමේදී පුද්ගලයන් 18 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චමල් රත්නායක මහතා පැවසීය යුක්තියේ මෙහෙයුමට සමගාමීව අද (29)අලුයම 4 සිට පෙරවරු 8 දක්වා පුරා පැය 4 පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් 15 ක් සහ පොලිස් නිලධාරීන් 40 දෙනකු හා පොලිස් නිල සුනඛ අංශයේ
“රොමී “නිල සුනඛයා ද මෙම මෙහෙයුමට එක්කර ගනිමින් මෙම මෙහෙයුම පැවැත්විණි

අත්අඩංගුවට පත්වූවන් අතර හොරයින් මත්කුඩු ළඟ තබා ගැනීම නීති විරෝධී මත්පැන් ළඟ තබා ගැනීම විවෘත වරෙන්තු සහ සැකපිට පුද්ගලයන් වන බව පොලිසිය වැඩිදුරටත් පවසයි.