දමිතාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි

Damitha

අපේක්ෂිත ඇප ඉල්ලා රංගන ශිල්පී දමිතා අබේරත්න සහ ඇගේ සැමියා ගොනු කළ අපේක්ෂිත ඇප අයඳුම කොළඹ, කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඔවුන් ඇප ඉල්ලමින් පවසා තිබුණේ, කොරියාවේ රැකියා ලබා දෙන බව පවසා රුපියල් ලක්ෂ 30 ක් වංචා කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඔවුන් අත්අඩංගුවට ගැනීමේ අවධානමක් ඇති බවයි.

දමිතා අබේරත්න පැමිණිල්ලට සහය නොදී විමර්ශන මග හැර සිටීම සහ අගාමික විගාමික පනතේ 45(ඈ) වගන්තිය ප්‍රකාරව කරුණු වාර්තා කිරීම හේතුවෙන් පෙත්සම්කරුවන්ට ඇපදීමට බලයක් නොමැති බව කොළඹ, කොටුව මහේස්ත්‍රාත්වරයා පවසා තිබෙනවා.