විදුලිබල සේවකයින් අද කොළඹට

ranjan-jayalal-44

විදුලිබල මණ්ඩලය විකිණීමට විරෝධය පළ කිරීම සඳහා සියලුම සේවකයින් අද (21) කොළඹට කැඳවා ඇති බව ලංකා විදුලි සේවක සංගමය පවසනවා.

ඒ අනුව දහවල් 1.00 විහාරමහාදේවි උද්‍යානයේදී විශේෂ සමුළුවක් පවත්වා, ඊට එරෙහිව ඉදිරියේදී ගනු ලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණෙන බවයි එහි සභාපති රන්ජන් ජයලාල් සඳහන් කළේ.

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කර පෞද්ගලික සමාගම් 15කට විකිණීමට ආණ්ඩුව සුදානම් කර ඇති බවත්, ජාතික ආරක්ෂාව ගැන නොතකා විදේශ සමාගම් අතට පත්කිරීම බරපතළ තත්ත්වයක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

අවශ්‍ය වුවහොත් අඛණ්ඩ වැඩ වර්ජනයකට යෑම සඳහා වන යෝජනාවක් අද සමුළුවේදී සම්මත කර ගැනීමට බලාපොරොත්තු වන බව රන්ජන් ජයලාල් වැඩිදුරටත් සඳහන් කළා.