2023 අවසාන කාර්තුව වනවිට ධන ආර්ථිකයක් කරා රට ගමන් කරාවි – මුදල් රාජ්‍ය ඇමති

ranjith-siyabalapitiya-new

මේ වසරේ අවසාන කාර්තුව වනවිට ධන ආර්ථිකයක් කරා රට ගමන් කරනු ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.
උද්ධමනය මෙතරම් ඉක්මනින් අඩුවනු ඇති බවට ජාත්‍යන්තරව කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.
2024 වසරේ රට ධන ආර්ථිකයක් කරා යන බවට ශ්‍රී ලංකා මහ බැංකුව , ලෝක බැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලද ප්‍රකාශ කර ඇති බවත් ඒ සඳහා ශ්‍රී ලංකාව වෙතින් ඉටුවිය යුතු කොටස සිදු කිරීමට අධිෂ්ඨාන කරගත යුතු බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය වැඩිදුරටත් සඳහන් කළේ.