පාලකයන් අද සමරන්නේ අවසාන ඊනියා නිදහස් උත්සවය – නීතිඥ ශානිකා

shanika-silva

මේ රටේ ජනතාව තමන්ගේ සැබෑ නිදහස වෙනුවෙන් නව නිදහස් අරගලයක් ආරම්භ කර ඇති බව අලුත් පියාපත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික නීතිඥ ශානිකා සිල්වා පවසනවා.

නිදහස් උත්සවය සැමරීම නොකර සිටියහොත්, ශ්‍රී ලංකාව නිදහස සැමරීමටවත් මුදල් නොමැති ජාතියක් ලෙස ලෝකය සිතාවියැයි පසුගියදා ජනාධිපතිවරයා පැවසුවද, මේ වන විට ජනතාව කුසගින්න සහ රෝහල්වල බෙහෙත් නොමැති කමින් මිය යමින් ඇති පසුබිමක මේ සමරන්නේ ඊනියා නිදහසක් නොවේදැයි ඇය ප්‍රශ්න කර සිටිනවා.

ලෝකය ඉදිරියේ අප හිඟන රටක් බවට පත්වී ඇති මොහොතක, ජනතාවට නිදහස දිනාගැනීම සඳහා පාලකයන් සමඟ සටන් කිරීමට සිදු වී ඇති බවද, එම නව නිදහස් අරගලයේ ප්‍රතිඵල මාර්තු 09 වෙනිදා දැකබලා ගත හැකි වනු බවද ඇය පෙන්වා දෙනවා.

පාලකයන් අද සමරන්නේ අවසාන ඊනියා නිදහස් උත්සවය බවද, මාර්තු 09 න් පසුව ජනතාව සමරනු ඇත්තේ නව නිදහස් අරගලයක ප්‍රතිඵලයක් ලෙස ජනතාව සටන් කර ලබාගත් සැබෑ නිදහසක් බවද ඇය අවධාරණය කරනවා.