Story – By Nirasha Piyawadani
Videography – By Kalaichelvi
මේ අතුරුදන් වූවන් සහ යුද්ධයෙන් මිය ගිය අය පිළිබද මතකයන් යළි යළිත් ආවර්ජනය කරන සමයයි. ඒ මතකයන් ඔස්සේ හෙලන කදුලුවල උණුසුම යුධ වැදි පාර්ශව දෙකටම එක සේ වේදනාකාරී වුවද වුවද මිය ගියවුන් සහ අතුරුදන් වූවන් අයත් ජාතිය ආගම සොයා ඒ කදුළුවල බර කිරාලීමට ඇතමුන් දරන උත්සහය බලය සදහා අරගල කිරීමෙි නොතිත් මිනිස් ආශාව විදහාලයි.
බදුල්ල දිස්ත්‍රික්කයට අයත් කොස්ලන්ද ග්‍රාමයේ ජීවත් වන රීටා මාරියා සුසේ මැලේ ජාතික සිවිදරු මවකි . ඇගේ සැමියා දමිළ ජාතිකයෙකි. නමුත් දරුවන් සියල්ල සිංහල මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබා භාෂා දෙකම හැසිරවීමේ නිපුණයන් බවට පත්ව ඇත.
ගැහැණු දරුවන්ම සිවි දෙනෙකුගෙන් පොහොසත් මෙම පවුලට උපන් එකම පුතු ඔස්ටින් කුඩාකල සිට සිහින මැවිවෙි ශ්‍රී ලංකා පොලිසියට බැදී රටට සේවය කිරීමටය.
වයස අවු:19 ලබන විටම එම සිහිනය සැබෑ කරගත් ඔස්ටින් මර්වින් 2008 වසරේ ජනවාරි මස රැකියා කටයුතු සදහා මඩකලපුව ප්‍රදේශය වෙත ස්ථාන මාරුවක් ලබා යන විට සේවයට පැමිණ සය මසක් පසු කළා පමණි.
ඒ මෙරට 30 වසරක යුද්ධයේ දරුණුතම අවධියයි. උතුරේත් දකුණේත් වෙනසක් නොමැතිව මිනිස් ජීවිත දහස් ගණනින් යුද්ධයට බිලිව ගිය ඒ අදුරු සමයේ 2008 වසරේ ජූනි මස අවාසනාවන්ත දිනෙක බෝම්බ ප්‍රහාරයකින් ඔස්ටින් මෙලොවින් සමුගත්තේය.
මෙම ඛෙිදජනක සිදුවීමෙන් වසර 12කටත් අධික කාලයක් ගෙවී ගියද නිවැසියන් අදටත් කදුලු සලන්නෙ සිය පුතුගේ වියෝව දරා ගත නොහැකිවය.
යුද්ධය සැමදා ඉතිරි කරන්නේ වෙිදනාවක්ම මිස ජයග්‍රහණයක් නොවන බැවි පවසන කදුලු කතා දහස් ගණනින් මෙි එක් කදුලු බිදුවක් පමණි.
යුද්ධයේ වෙිදනාවෙන් ඉකි ගසන්නේ එක් ජාතියක් හෝ එක් ආගමක් නොව සමස්ත මනුෂ්‍යත්වයම බව මෙිරි රීටාගේ වෙිදනාවෙි දෝංකාරය යළි යළිත් මතක් කර දෙන්නීය.