එන්න, අපි අහස පාට කරමු

Kite Festival

කයිට්   ශ්‍රී ලංකා සංවිධානයේ  ප්‍රමුඛතම ව්‍යාපෘතිය ලෙසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන දිවයිනේ වැඩිම කාලයක් සාර්ථකව පැවැත්වු එකම සරුංගල් සැණකෙළිය වන‘නිල් අහසේ වසන්තය’ ජාතිකසරුංගල් සැණකෙළිය දසවන වරටත් 2017 අගෝස්තු මස 12,13 යන දෙදින උදැසන 8.00 සිට දවස පුරා මීගමුව වෙරළ උද්‍යානයේදීපැවැත්වීමට නියමිතය.මේ සඳහා සංවිධානසහයෝගය දක්වමින් ‘මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්යය සාධන බලකාය’ මේ වසරේදීත් කයිට් ශ්‍රී ලංකා සමග එක්වී ඇති අතර ‘සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව’ ද කයිට් ශ්‍රී ලංකා සමග අත්වැල් බැඳගෙන ඇත.

මෙම ජාතික සරුංගල් සැණකෙළියට සමගාමීව පවත්වනු ලබන සරුංගල් තරඟාවලිය ළමා හා විවෘත යන අංශ දෙක ඔස්සේපැවැත්වේවයස අවුරුදු 15ට අඩු ළමුන්ට තේමා තුනක් ඔස්සේ අගෝස්තු 12 සෙනසුරාදාදිනළමා අංශයට නිර්මාණ ඉදිරිපත් කල හැකිය.

වඩාත්මනිර්මාණශීලී සරුංගලය‘මතින් නිදහස් රටක්’ තේමා කරගත් සරුංගලය, ‘ඩෙංගු උවදුරින් අත්මිදෙමු’ – පරිසර හිතකාමී සරුංගලය එම අංශ වේ.

විවෘත අංශය සදහා අගෝස්තු 13 ඉරිදාදින තේමාවන් හතරක් යටතේ නිර්මාණ ඉදිරිපත් කල හැකිය. වඩාත්ම නිර්මාණශීලී සරුංගලය,‘මතින් නිදහස් රටක්’ තේමා කරගත් සරුංගලය, ‘ඩෙංගු උවදුරින් අත්මිදෙමු’ – පරිසර හිතකාමී සරුංගලය හා හොඳම ප්‍රහාරාත්මක සරුංගලය (ෆයිටිං කයිට්) යන තේමාවන් සදහා මෙම අංශය ඔස්සේ නිර්මාණ ඉදිරිපත් කල හැකිය. හොඳම ප්‍රහාරාත්මක සරුංගලය (ෆයිටිං කයිට්) සදහා කොම්බුව හා වවුලා සරුංගල් පමණක් ඉදිරිපත් කල යුතු අතර ඒවා ප්‍රමාණයෙන් අඩි 1 1/2 ට නොවැඩි විය යුතුයි.

ජාත්‍යන්තර තරුණ දිනය සමරමින් ‘මතින් නිදහස් රටක්’ සහ ‘ඩෙංගු උවදුරින් අත්මිදෙමු’ තේමාවන්ගෙන්යුත් සරුංගල් පාගමනමෙවරද12 වන සෙනසුරාදා උදෑසන 8.00 ට මීගමුව නගරසභා පිටියෙන් ආරම්භ වී වෙරළ උද්‍යානය බලා ගමන් කිරීමට නියමිත අතර ඒ සඳහා සහභාගීවීමට සංවිධායකයින්ඔබ සැමට විවෘත ආරාධනයක් කර සිටි.

සරුංගල් තරඟාවලියට සමගාමීව වැලි නිර්මාණ තරඟාවලියක්ද මීගමුව වෙරළ තිරයේදී පැවැත්වෙනු ලැබේ. ළමුන් සඳහා තරඟය අගෝස්තු 12 වන දින පැවැත්වෙන අතර වීවෘත අංශය අගෝස්තු 13 දින පැවැත්වේ.ඒ සඳහා ඉදිරිපත් විය හැක්කේ පස් දෙනෙකුට නොවැඩි ගැහැණු පිරිමි මිශ්‍ර කණ්ඩායම් වලට පමණි. සියලුම තරඟ ලියාපදිංචිය පෙරවරු 8.00 සිට පස්වරු 11.00 දක්වා සිදුකෙරේ.

සෑම අංශයකම ජයග්‍රාහකයින් සදහා කුසලානපදක්කම් හා සහතික සමග වටිනා ත්‍යාග මෙන්ම මුදල් ත්‍යාගද ලබාදීමට කටයුතු සුදානම් කර ඇත. 

තරගාවලිය සදහා ඉදිරිපත් නොවුනද සරුංගල් සැණකෙළිය සමග එක්වී විනෝද වීමට ඔබට අවස්ථාව ලැබේ. දවස පුරා සරුංගල් කඳවුරු,වැඩමුළුමැජික් සංදර්ශනමුහුණු පින්තාරුවිනෝදාත්මක ක්‍රීඩාචිත්‍රපට ප්‍රදර්ශන වැනි විශේෂාංග රැසක් සමගින් එක්වීමට මෙහිදී අවස්ථාව හිමිවේ. එදින නැරඹීමට පැමිණෙන සැමට දවස පුරා වටිනා ත්‍යාග ලබාදීමට අනුග්‍රාහකයින් සහ කයිට් ශ්‍රී ලංකා සංවිධානය කටයුතු යොදා ඇත.

එදිනට විදේශීය සරුංගල් කණ්ඩායම් මෙන්ම  ලංකාවේ ජනප්‍රිය ක්‍රීඩකයින්ගායකයින්,නළු නිළියන් ඇතුළු විශේෂිත පුද්ගලයන් රැසක් සහභාගී වීමට නියමිත අතර ඔවුන් සමග කතාබහ කිරීමටත්ඡයාරූප ලබාගැනීමටත් ඔබට අවස්ථාව හිමිවේ. එමෙන්ම සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් ඉදිරිපත් කරන විවිධ සංස්කෘතිකාංග රැසක්ද රසවිඳීමට අවස්ථාව ලැබේ. පවුලේ සැමට විනෝද වීමට මෙම සැණකෙළිය අපුරු අවස්ථාවකි.

2017 අගෝස්තු 12,13 දවසපුරාවට මීගමුව වෙරළ උද්‍යානයේදී “මතින් නිදහස් රටක්” – නිල් අහසේ වසන්තය ජාතික සරුංගල් සැණකෙළිය’ සමග එක්වීමට දිවයිනේ ලක්ෂ සංඛ්‍යාතසරුංගල් ලෝලීන්හටකයිට් ශ්‍රී ලංකා සංවිධානය සහ මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්යය සාධන බලකායආරාධනා කරයි.

විමසීම්– 
කයිට් ශ්‍රී ලංකා: 
0778390490
මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්යය සාධන බලකාය:01140386485/0713664911