විපතට පත් ජනයාගේ පිහිටට චීන නෞකා තුනක් එයි

floods 8
ආපදාවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා චීන නෞකා තුනක් දිවයිනට පැමිණ තිබේ.

චීන නාවික හමුදාවට අයත් චෑන් චුන්, ජින් ෂොව් සහ චාඕ හූ  යන නෞකා කොළඹ වරායෙන් දිවයිනට ළඟා වූ බව නාවික හමුදාව පැවසුවේය.

ඒ අනුව එම චීන නෞකාවලින් පැමිණි වෛද්‍ය කණ්ඩායම් 05ක් සහ සහන කටයුතු සඳහා කුඩා යාත්‍රා 10ක් මෙරට ආපදා සහන කටයුතු වලට එක්වීමට නියමිත බව සඳහන්වේ.

සුහද සංචාරයක් සඳහා පැමිණෙමින් සිටියදී ශ්‍රි ලංකාවේ ‍ මේ දින වල පවතින ආපදා තත්වය පිළිබඳ සැලවීමත් සමඟ වහා ක්‍රියාත්මක වූ චීන නාවික හමුදාව මෙරට ජනතාවට සහන සැළසීමට ඉදිරිපත්ව ඇති බව නාවික හමුදාව සඳහන් කළේය.