රුපියල් 5000 නෝට්ට්ටුව අවලංගු කරන්න අවශ්‍ය නැහැ

5000-note

හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ අත්සනින් යුත් රුපියල්
5000 නෝට්ට්ටුව අවලංගු කිරීමේ අවශ්‍යතාවයක් පැන නොනගිනු ඇතැයි වත්මන් මහබැංගු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමී මහතා සදහන් කළේය.

මීට පෙර අවස්ථාවලදීද මහබැංකු අධිපතිවරයා වශයෙන් විදෙස් පුරවැසිභාවය සහිත පුද්ගලයන් කිහිප දෙනෙක්ම කටයුතු කර ඇති බැවින් එවන් අවශ්‍යතාවයක් පැන නොනගිනු ඇතැයි ඒ මහතා සදහන් කළේය.

එසේම මහබැංකු අධිපතිවරයා පත්කරනු ලබනුයේ ජනාධිපතිවරයා වන බැවින් අදාළ රුපියල් පන්දහසේ නෝට්ටුවට හිටපු මහබැංකු අධිපතිවරයා අත්සන් තැබීම නීතයානුකූල වනු ඇතැයි තමා සිතන බවද හෙතෙම අවධාරණය කළේය.

අද ( අප්‍රේල් 09) ශ්‍රී ලංකා මහ බැංකු ශ්‍රවණාගාරයේදී පැවති මාධ්‍ය
හමුවකදී රුපියල් 5000 නෝට්ටු අවලංගු කරන බවට පැතිර යන කටකතාව සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් අසන ලද පැනයකට පිළිතුරුදෙමින් මහබැංකු අධිපතිවරයා මේ බව සදහන් කළේය.