කොළඹ නගරයේ එකතුවන කුණු බැහැර කිරීමට ස්ථානයක් ලබාදෙන ලෙසට කොළඹ මහ නගර සභාව අධිකරණයෙන් ඉල්ලයි

Kesbawa court order

මීතොටමුල්ල කුණ කන්ද නාය යාමෙන් පසු කොළඹ නගරයේ එකතුවන කුණු බැහැර කිරීමට ස්ථානයක් ලබාදෙන ලෙසට කොළඹ මහ නගර සභාව කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලීක් කර තිබේ.

ඒ අනුව ඊයේ (අප්‍රේල් 17)  සිට එළඹෙන 28 වනදා දක්වා දිනකට මෙට්‍රික්
ටොන් 350 බැගින් කැස්බෑව කරදියාන කසල අංගනයට බැහැර කිරීමට කැස්බෑව
මහේස්ත්‍රාත් අධිකරණය කොළඹ මහ නගර සභාවට අවසර දී  ඇත.

කොළඹ මහ නගර සභාව අධිකරණයෙන් කළ ඉල්ලීම අනව  එම කසල බාරගන්නා ලෙස කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය  අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ අධ්‍යක්ෂවරයාට නියෝග කර තිබේ.

කරදියාන අපද්‍රව්‍ය කළමණාකරණ අංශයේ සභාපතිනිය  මේ සදහා අවශ්‍ය පහසුකම් ලබාදීමට එකගතාවය කලකඑ තිබෙන අතර පිළියන්දල කරදියාන කසල අංගනයට මේ වන විට පොලිස් ආරක්ෂාව ලබාදීමටද කටයුතු කර තිබේ