වරායේ ආරක්ෂාව චීන සමාගම යටතේ නොව ශ්‍රී ලංකා නාවික හමුදාව යටතට

Hambantoa_port

හම්බන්තොට වරාය ගිවිසුම පිළිබදව වෙනස් කම් කිහිපයක්ම සිදු කර ඇති බවත් ඒ අනුව වරායේ ආරක්ෂාව චීන සමාගම යටතේ නොව ශ්‍රී ලංකා නාවික හමුදාව යටතට ගැනීමට තීරණය කර ඇතැයි මහාමාර්ග පිලිබද රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා සදහන් කළේය.

එසේම සියයට 80 -20 කොටස් හිමිකම වෙනුවට චීනයට කොටස් 60ක් සහ ශ්‍රී ලංකාවට කොටස් 40ක් ලැබෙන සේ ගිවිසුම වෙනස් කිරීම ඇතුලු වෙනස්කම් ගණනාවක් කිරීම පිළිබදව සාකච්ඡා කරන බවද හෙතෙම පැවසිය.

ඊයේ (මාර්තු 6) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය
සාකච්ඡාවේදී අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.

මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේදී සාකච්ඡා කළ පරිදී ගිවිසුම ක්‍රියාත්මක කලා නම් ආරක්ෂක කටයුතුද චීනයට පැවරීමට ඉඩ තිබූ බවද හෙතෙම සදහන් කළේය. එසේම පසුගිය රජය සමයේ ආණ්ඩු පක්ෂයේ සිටි තමන් වත් නොදැන සිටි ව්‍යාපෘති ක්‍රියාත්මක වූ බවත් හම්බන්තොට වරාය ගිවිසුමද එවැන්නක් බවත් වත්මන් රජයේ එවන් ගිවිසුම් කෙසේ හෝ ක්‍රියාත්මක කිරීමට ප්‍රථම වලක්වා ගන්නා බවත් අමාත්‍යවරයා සදහන් කළේය.