වියළි කාලගුණය හේතුවෙන් පුද්ගලයින් 09 ලක්ෂයක් පීඩාවට

Monaragala

දිවයිනටම බලපා ඇති වියළි කාලගුණයක් හේතුවෙන් දිස්ත්‍රික්ක 16ක පුද්ගලයින් 09 ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසා සිටියි. මේ සම්බන්ධයෙන් කෘෂිකාර්මික හා ගොවි සංරක්ෂණ මණ්ඩලය සදහන් කළේ වියළි කාලගුණය හේතුවෙන් විනාශ වූ සෙසු කෘෂි බෝග වගාවන් හි නිරත වන ගොවීන්ටද වන්දි ලබා දීමට රජය සැලසුම් කර ඇති බවයි.

අධික වියළි කාලගුණයක් පවතින ත්‍රීකුණාමලය කළුතර ගම්පහ හම්බන්තොට මොණරාගල අනුරාධපුර යාපනය මුලතිව් කිලිනොච්චි වව්නියාව රත්නපුරය කෑගල්ල කුරුණෑගල පුත්තලම මහනුවර මාතලේ යන දිස්ත්‍රික්ක 16හි ප්‍රාෙද්ශීය ලේකම් කොට්ඨාස 103ක පුද්ගලයින්

899,235 දෙනෙක් ආපදාවට මුහුණ පා සිටින බව ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසා සිටියි.

වියලි කාලගුණයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේද කොකුන්නෑව විලච්චිය තන්තිරිමලේ වැනි ප්‍රෙද්ශ  රැසක වගා හානි සිදුව ඇත.