පොලිස් නිලධාරීන් ඒක්ක ෙසල්ලම් කළ කාන්තාවට වැඩවරදී

Police

පොලිස් නිලධාරීන්ට දුරකථන ඇමැතුම් ලබා දෙමින් විවිධාකාරයේ අදහස් ප්‍රකාශ කරමින් සබඳතා පැවැත්වීමට උත්සහා කළ කාන්තාවක් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාගත කර තිබෙනවා.

වයස අවුරුදු 24 ක් වන මෙම කාන්තාව විවාහක කාන්තාවක් වන නමුත් පුරුෂයා පදිංචි නිවස අතහැර ගොස් ඇය ජිවත්වන්නේ ඇගේ මවගේ නිවසේ ය. අදාළ කාන්තාව පොලිස් නිලධාරීන්ට දුරකථනය මාර්ගයෙන් අනවශ්‍ය දේවල් ඇතුල් කර කෙටි පණිවිඩ යවා තිබෙනවා.

මේ හේතුවෙන් පොලිස් නිලධාරීන් බලවත් අපහසුතාවයට පත් වූ නිසා පසුගියදා අදාළ කාන්තාව සහ ඇගේ මව ‍පොලීසියට කැඳවා  තදින් අවවාද කර පිටත් කර හැරි බව පොලීසිය පවසනවා.

පසුව මෙම කාන්තාවගෙන් 119 ඇමතුම් මධ්‍යස්ථානයට  ඇමතුම් 11 ලබා දී අසත්‍ය තොරතුරු පැවැසීම නිසා ඇය ‍පොලිස් අත්අඩංගුවට ගෙන “රජයේ නිලධාරීන්ට සාපරාධී බලහත්කාරය පෑම” යන චෝදනාව යටතේ අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

එහිදී අධිකරණය මගින් අදාළ කාන්තාව පෙබරවාරි 14 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කළා.