දේශීය ණය ප්‍රශස්තකරණ යෝජනාව සම්බන්ධයෙන් ඕනෑම ආකාරයක නියෝග හා තීන්දු නිකුත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ පිහිටුවා ඇති ඕනෑම අධිකරණයකට බලයක් නොමැති බවට කතානායකවරයා විසින් සිදුකළ නියෝගය ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක් බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.
කතානායක මහින්ද යාපා අබේවර්ධන අදාළ නියෝගය ලබාදුන් පසුගිය 9 වනදා අධිකරණය හමුවේ දේශීය ණය ප්‍රශස්තකරණ යෝජනාව සම්බන්ධයෙන් නඩුවක් විභාග වීමට නියමිතව තිබූ බවයි ඔහු පෙන්වා දෙන්නේ.
දේශීය ණය ප්‍රශස්තකරණය පාර්ලිමේන්තුවට ඉදිරිපත්වූ යෝජනාවක් පමණක් බවත්, කතානායකවරයා විසින් ලබාදුන් නියෝගය සම්පූර්ණයෙන් වැරදි බවත්, එය අනාගතයේදී වැරදි පූර්වාදර්ශයක් වනු ඇති බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නා.
කතානායක මහින්ද යාපා අබේවර්ධන විසින් ලබාදුන් නියෝගය අධිකරණයේ සහ ජනතාවගේ මූලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් බරපතල ගැටලුවක් ඇති කරන බවත් එය ඉල්ලා අස් කර ගැනීමට කටයුතු කළ යුතු බවයි අනුර කුමාර දිසානායක වැඩිදුරටත් සඳහන් කළේ.
කතානායකගේ නියෝගය ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක් – අනුර
-
යෝෂිතගේ නඩුවක් කල්යයි…..
Read more >> -
සලේ වෙනුවෙන් පැවැත්වූ සත්‍යග්‍රහය තාවකාලිකව නවත්වයි……
Read more >> -
ගාල්ල නගර සංවර්ධන ව්‍යාපෘතිය පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්……
Read more >> -
සලේ සම්බන්ධයෙන් අද කැඳවූ නඩු විභාගයේ සාරාංශය…..
Read more >> -
සරණට එක් නඩුවකට වසර හතර බැගින් වසර 16ක සිරදඬුවම්…..
Read more >> -
නික්ම යන ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස් ආරක්ෂක ලේකම්වරයා හමුවෙයි……
Read more >> -
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන බව ඇමති කියයි…..
Read more >> -
RMV හි වංචා සෙවූ කෝපා වාර්තාව නීතිපතිට පැවරීමට අනුමැතිය…..
Read more >> -
රැඳවුම් නියෝගය අහෝසි කරන ලෙස ඉල්ලා සුරේෂ් සලේගේ බිරිඳගෙන් ජනපතිට ලිපියක්….
Read more >> -
පොහොර ආනයනය කිරීමේ සැලැස්මක් සකස්කිරීමට අවධානය….
Read more >>

