ඉසුරු ලක්ෂ 50කට විකිණේ

2020 ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය සඳහා පැවති ක්‍රීඩක වෙන්දේසිය ඊයේ පැවැත්වුනා.
මෙහිදී ක්‍රීඩකයන් 330දෙනෙකු මෙවර ක්‍රීඩක වෙන්දේසියේදී ලැයිස්තුගත කර තිබුණා. ඒ සමඟ 143ක් විදේශීය ක්‍රීඩකයන්ද වුණා
ඒ අතර මෙවර වෙන්දේසියේදී ශ්‍රී ලංකික ක්‍රීඩකයන් 14දෙනෙකු ලැයිස්තුගත කර තිබු අතර ඉන් අතරින් මිලදී ගත් එකම ශ්‍රී ලාංකික ක්‍රිඩකයා වන්නේ ඉසුරු උදාන පමණයි.
ඉසුරු උදාන ඉන්දීය රුපියල් ලක්ෂ 50කට රෝයල් චැලේන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායම විසින් මිළදීගෙන ඇත.
මේ අතර අයි.පී.එල් ඉතිහාසයේ වැඩිම වටිනාකමකට අලෙවි වු විදෙස් ක්‍රිඩකයා ලෙස ඔස්ට්‍රේලියාවේ පැට් කමින්ස් ඉන්දීය රුපියල් කෝටි 15යි දශම 05කට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම විසින් මිලදී ගත්තේය.
ඔස්ට්‍රේලියාවේ ග්ලේන් මැක්ස්වෙල්, කිංග්ස් ලෙවන් පංජාබ් කණ්ඩායම විසින් මිලදී ගත්තේ ඉන්දීය රුපියල් කෝටි 10යි දශම 7යි 15කටයි.
දකුණූ අප්‍රිකාවේ ක්‍රිස් මොරිස් ඉන්දීය රුපියල් කෝටි 10කට රෝයල් චැලේන්ජරස් බැංග්ලෝර් කණ්ඩායම විසින් මිලදී ගත්තේය.