විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (21) පැවති බ.ඉ. කොදෙව් කාන්තා කණ්ඩායමට එරෙහි තරගයෙන් කඩුලු 5ක පරාජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය.
එංගලන්තයේ බ්‍රිස්ටල්හිදී පැවති මෙම තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමෙන් හිමිවූ ලකුණු 99ක පහසු ඉලක්කය තරගයේ 17(16.1) වැනි පන්දුවාරයේදී පසුකර යෑමට බ.ඉ. කොදෙව් පිතිකිරිනියෝ සමත්වූහ.
තරගයේ කාසිය වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 19.4ක් අවසානයේ සියලුදෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 98ක් පමණි.
ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් යම් තරමක හෝ සටනක් දියත් කිරීමට සමත් වූයේ නිලක්ෂිකා ද සිල්වා සහ කවිෂා දිල්හාරි පමණි.
එහිදී නිලක්ෂිකා ලකුණු 30ක් සහ කවිෂා ලකුණු 21ක් රැස් කළහ.
මෙම පරාජයත් සමග Group 2 කොටසේ ප්‍රසාද ලකුණු සටහනේ 5වැනි ස්ථානය දක්වා පසුබැසීමට ශ්‍රී ලංකාවට සිදුවිය.
ක්‍රීඩාකළ තරග 3ම ජයගත් බ.ඉ. කොදෙව් කාන්තා කණ්ඩායම මේ වනවිට ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානය හිමිකරගෙන සිටියි.

