යතුරුපැදියෙන් විදුලි වේගයෙන් ගිය පාසල් සිසුන් දෙදෙනා බිහිසුණු අනතුරක….

News Iamges.00_00_00_05.Still2201

මඩකලපුව – කල්මුණේ පැරණි පාරේ නාවට්කුඩා දේවස්ථානය අසල සිදුවූ අනතුරකින් සිසුන් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා තිබේ.

නාවට්කුඩාහි අතුරු මාර්ගයක අධික වේගයෙන් ගමන්ගත් යතුරුපැදිය මාර්ගයෙන් ඉවතට පැන ගොඩනැඟිල්ලක බිත්තියක ගැටී අනතුර සිදුව තිබුණි.

තුවාල ලැබූ සිසුන් දෙදෙනා කාත්තන්කුඩි මූලික රෝහලට රැගෙන ගොස් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මඩකලපුව ශික්ෂණ රෝහලට යවා තිබේ.

යතුරු පැදියෙන් ගමන් කළ සිසුන් හිස් ආවරණ නොපැලඳ සිටීම හේතුවෙන් බරපතළ තුවාල ලබා ඇතැයි පොලීසිය පවසයි.

අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කාත්තන්කුඩි රථවාහන පොලීසිය විසින් සිදුකරයි.