කාල,බීල,නටල ලෝකෙටම පේන්න උපන් දින උත්සවයක් මහ ජයට සමරන්න මොකෝ ඒ අයට සල්ලි නැද්ද..? තිලංග කරපු අපූරු වැ‌

News Iamges.00_00_00_05.Still2038

කාල,බීල,නටල ලෝකෙටම පේන්න උපන් දින උත්සවයක් මහ ජයට සමරන්න මොකෝ ඒ අයට සල්ලි නැද්ද..?

ඒත් දළදා වහන්සේ ළඟ, කාටවත් කරදරයක් නොවී, තනිවම පෝළිමේ හිටගෙන ඒ අය මොකද කළේ…?

දළදා වහන්සේට කිරිපිඬුත් පූජා කරල, තිලංග සුමතිපාල ඇතුළු මුළු පවුලම ආගමික වතාවත්වල යෙදෙනව දැකල, ඒ ගැන විමසල බලනකොට තමයි දැනගත්තෙ මේ උපන්දින පිංකමක් කියලා.

පරම්පරා හතරක සුමතිපාල නාමය ඉදිරියට ගෙන යන්න තිලංග සුමතිපාල මහත්තයගෙ ලොකුම පුතා වෙච්ච, උදාන්ත සහ යුලීගෙ ආදරණීය පුතුණුවන්ගෙ පළවෙනි උපන් දිනය තමයි අදට යෙදිල තිබුනේ.

ඉතින් පවුලෙ හැමෝම දළදා වහන්සේ වන්දනාමාන කරල, පුංචි පුතාට දළදා වහන්සේගේ ආශිර්වාදය ලබා ගන්නයි මේ විදියට පාන්දරම මාළිගාවට ඇවිත් තිබුණේ.

සමහරු උපන් දින පාටි දාල, බීල නටනකොට, දහස් ගණන් මුදල් නිකරුණේ වියදම් කරනකොට, සුමතිපාල පවුල මේ දීපු ආදර්ශය වටින නිසයි මේ වගේ පුංචි සටහනක් උනත් අපිට ලියන්න හිතුනේ.

පුංචි පුතාට අපිත් සුබ පතල ආශිර්වාද කළාට පස්සෙ,තිලංග ( දැන් ආචාර්ය තිලංග ) මෙහෙමත් කිව්වා.

“හෙට අනුරාධපුරේ ගිහින් ජය ශ්‍රීමහා බෝධිය ළඟයි, රුවන්වැලි මහා සෑය ළඟයි පිංකම් කරනවා. අපි පාටි දැම්මා කියලා මේ පොඩි දරුවට ඒක තේරෙනව යෑ..වැඩිහිටියො විදියට අපිට කරන්න පුළුවන් හොඳම දේ තමයි ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය අපේ දරුවන්ටයි,දරුවන්ගෙ දරුවන්ටයි හැම වෙලාවෙම ප්‍රාර්ථනා කරන එක…!

තමන්ව සීයා කෙනෙක් කරපු පුංචි මුණුබුරා දිහා බලාගෙන බොහොම ආදරණීය විදියටයි තිලංග සුමතිපාල එහෙම කිව්වේ.

03 WhatsApp Image 2026-03-28 at 21.36.54 WhatsApp Image 2026-03-28 at 21.36.55 WhatsApp Image 2026-03-28 at 21.36.56