වැලිගම බටවල පාතේගම ශ්‍රී පුෂ්පාරාම පුරාණ විහාරස්ථාන අනුබද්ධිතව පවත්වාගෙන යන ශ්‍රී ධර්මරතන දහම් පාසලට 2026 වර්ෂයේ පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත්වන දරුවත් මහත් හරසරින් පිළිගෙන එම දරුවත් පළමු ශ්‍රේණියට ඇතුළත් කිරීම හෙළ සිරිත් විරිත් ප්‍රමුඛත්වය ලබාදෙමින් සිදුකෙරුණි.එම කටයුතු වැලිගම ශ්‍රී ධර්මරතන දහම් පාසලේ ප්‍රධානාචාර්ය හා රෝහණ මහා සඟ සභාවේ උපසම්පදා කාරක සභික හබරකඩ සෝභිත හිමියන්ගේ අනුශාසනා මත එම දහම් විද්‍යාලයේ උප ප්‍රධාන විදුහල්පති සුරංග කුමාර මහතාගේ මෙහෙයවීම මත සිදුකෙරිණි.


