SL vs WI 2nd ODI: ශ්‍රී ලංකාවට ලකුණු 190 ක ඉලක්කයක්

sl-vs-wi-2nd-t20-1

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන එක්දින තරගය මේ වන විට පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමු වෙන් පන්දුවට පහරදීමට කොදෙව් කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් පන්දුවාර 36 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකණු 189 ක් ලබා ගත්තා.

පන්දුවට පහරදීමේදී කොදෙව් කණ්ඩායම වෙනුවෙන් Sherfane Rutherford ලකුණු 80 ක් හා Gudakesh Motie නොදැවී ලකුණු 50 ක් ලබා ගැනීමට සමත් වුණා.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වනිඳු හරසංග කඩුලු 4 ක් හා මහීෂ් තීක්ෂණ හා අසිත ප්‍රනාන්දු කඩුලු 3 බැඟින් බිඳ හෙළීමට සමත් වුණා.

ඒ අනුව ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 190 ක්.

ලකුණු පුවරුව පහතින්.