ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරු වන ඩේවිඩ් වෝනර් එක්දින ජාත්‍යන්තර තරගවලින්ද සමුගන්නා බව නිවේදනය කර තිබෙනවා.
කෙසේ වුවත් අවශ්‍ය වුවහොත් 2025 ශූරයන්ගේ කුසලානය සඳහා ක්‍රීඩා කිරීමට සූදානම් බවයි ඔහු පවසන්නේ.
පසුගිය ලෝක කුසලාන තරගාවලියේදී ඕස්ට්‍රේලියාව වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ වෝනර් මේ දක්වා එක්දින ජාත්‍යන්තර තරග 161කට ක්‍රීඩා කරමින් ශතක 22 ක් සමගින් ලකුණු 6,932 ක් රැස්කර තිබෙනවා.
37 හැවිරිදි වෝනර් ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් ද සමුගැනීමට නියමිතව ඇති අතර, ඕස්ට්‍රේලියා – පාකිස්තාන තුන්වැනි ටෙස්ට් තරගය ඔහුගේ අවසාන ටෙස්ට් ක්‍රිකට් තරගය වනු ඇති.

