Asia cup 2023: ශ්‍රි ලංකා පාකිස්තාන තරගයට වර්ෂාවෙන් බාධා

Asia-Cup-2023

2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවී තිබෙනවා.

තරගය පස්වරු 3.00 ට ආරම්භවීමට නියමිතව තිබුණද වර්ෂාව හේතුවෙන් කාසියේ වාසිය උරගා බැලීමද ප්‍රමාදවිය හැකි බවයි සඳහන් වන්නේ.

මේ වන විට ක්‍රීඩාංගණය සම්පූර්ණයෙන්ම ආවරණය කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.