ලෝකයේ සිදුවන ස්වභාවික ආපදා අවස්ථාවන්හි දී හමුදා සාමාජිකයන් විදේශගත කිරීමේ ඒකකයට අමතරව සෞඛ්‍යය ව්‍යසනයන්හි දී ද හමුදා කණ්ඩායම් විදේශගත කිරීමට වෙනම ඒකකයක් ස්ථාපිත කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. වත්මන් අර්බුදකාරී තත්ත්වය හමුවේ ඖෂධ හිඟයට පිළියම් යෙදීම සඳහා ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ තවත් ඖෂධ ලබා ගැනීමට නියමිත බවත් සෞඛ්‍යය ක්ෂේත්රය වෙනුවෙන් වැඩි විදේශ විනිමයක් ලබා දීමට රජය කටයුතු කරමින් සිටින බවයි ත්‍රිවිධ හමුදා වෛද්‍ය විද්‍යාර්ථකයින්ගේ විද්‍යායතනයේ (SLCMM) 6 වැනි වාර්ෂික අධ්‍යයන සැසියේ සමාරම්භක අවස්ථාව අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ. යුද, නාවික සහ ගුවන් හමුදාවේ වෛද්‍ය බළකාය උතුරු නැඟෙනහිර යුදමය තත්ත්වයේදී සැබවින්ම හමුදා වෛද්‍ය විද්‍යාව අත්විඳි බවත් මේ වන විට වෛද්‍ය පර්යේෂණ ආයතනය මෙම කලාපයේ ඇති හොඳම වෛද්‍ය පර්යේෂණ ආයතනය බවට පත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කරමින් සිටින බවද ජනාධිපතිවරයා සඳහන් කළා. එසේම අඩු ආදායම්ලාභීන්ට පෞද්ගලික රෝහල් සේවාව ලබා ගත හැකි වන පරිදි සෞඛ්‍ය රක්ෂණාවරණයක් ලබා දීම සම්බන්ධයෙන්ද සාකච්ඡා කරමින් සිටින බවත් රජයේ රෝහල් සඳහා ගෙවන වාට්ටු හඳුන්වා දීමටත් පෞද්ගලික රෝහල් සඳහා ගෙවීම් නොකළ යුතු වාට්ටු හඳුන්වා දීමටත් ඇති හැකියාව පිළිබඳව මේ දිනවල අධ්‍යනය කරමින් සිටින බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
රජයේ රෝහල් සඳහා ගෙවන වාට්ටු හඳුන්වා දීමේ හැකියාව සම්බන්ධයෙන් අධ්‍යනය කරමින් සිටිනවා – ජනපති
-
මත්ද්‍රව්‍ය සමග කොටුවූ චීවරධාරීන්ට නීතිය ක්‍රියාත්මකයි – ඇමති ආනන්ද විජේපාල……
Read more >> -
අයථා ගෙවීම සිදුවුණේ RDA එකෙන්ද ? බැංකුවෙන්ද ? නි. ඇමතිගෙන් පිළිතුරු….
Read more >> -
හිටපු ඇමති රිෂාඩ්ගේ නඩුවක අභියාචන කටයුතුවලින් විනිසුරුවරයෙකු ඉවත් වෙයි…..
Read more >> -
සජබ මැයි රැළියට එජාපයටත් ආරාධනාවක්……
Read more >> -
Rebuilding Sri Lanka අරමුදල සුරක්ෂිත බව මුදල් නියෝජ්‍ය ඇමති කියයි…..
Read more >> -
පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා රිමාන්ඩ්……
Read more >> -
හැකර්වරුන්ට ඩොලර් ගෙවූ රාජ්‍ය නිලධාරින්ට එරෙහිව දැඩි පියවර ගන්නා බව අනුර කරුණාතිලක කියයි…..
Read more >> -
වෙසක් දිනය මැයි 30වනදාට කල් දැමුවේ දේශපාලන උවමනාවටයි – කොටපිටියේ රාහුල හිමි…..
Read more >> -
දිට්වා නිසා විපතට පත් බදුල්ලේ පවුල් 23කට නිවාස ආධාර චෙක්පත් පිරිනැමේ…..
Read more >> -
ගිනිඅවියක් අතැතිව කාන්තාවක් සමග පැටලුණු මන්ත්‍රී අර්ච්චුනා…….
Read more >>

