ගිනිඅවි හා පතොරම් සමග සැකකරුවෙකු කඩුවෙලදී අත්අඩංගුවට….

Arrest

කඩුවෙල පොලිස් වසමේ වැලිවිට ප්‍රදේශයේදී ගිනිඅවි සහ පතොරොම් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (13) උදෑසන කාලයේ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී අදාළ සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

එහිදී බලපත්‍ර නොමැතිව තබාගෙන සිටි බෝර 12 ගිනි අවියක්, රයිෆල් අවියක්, බෝර 12 පතොරොම් 15 ක්, රයිෆල් පතොරොම් 02 ක්, මැගසින් 01 ක් සහ මිලිමීටර් 7.62 ජීව පතොරොම් 50 ක් ද සොයාගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු කඩුවෙල ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි පුද්ගලයෙකි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතී.