කොදෙව්වන්ට එරෙහිව ශ්‍රී ලංකාවෙන් සාර්ථක ආරම්භයක්……

News Iamges.00_00_00_00.Still3021

ළහිරු උදාර රැස්කළ විශිෂ්ට ශතකය හේතුවෙන් බ.ඉ. කොදෙව්වන්ට එරෙහි දෙවැනි තරගයේ පළමු දිනට තරගය නිමාකරන විට කඩුලු 5ක් දැවී ලකුණු 338ක් රැස්කිරීමට ශ්‍රී ලංකාව සමත් විය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුලු දෙක ලකුණු 25ක් තුළ දවාගැනීමට කොදෙව් පන්දු යවන්නන් සමත්වුවද, දෙවන කඩුල්ලට පන්දු 255කදී ලකුණු 215ක අගනා සබඳතාවක් ගොඩනැනීමට නවක ක්‍රීඩක ළහිරු හා කමිඳු මෙන්ඩිස් සමත්වූහ.

එම සබඳතාව බිඳවැටුණේ මුළු ලකුණු 240ක්ව තිබියදී කමිඳු ස්ටප් කිරීමකට හමුවීම හේතුවෙනි. ඒ වනවිට ඔහු ලකුණු 84ක් රැස්කරගෙන සිටියේය.

සිය තෙවන ටෙස්ට් තරගයට ක්‍රීඩාකරන ළහිරු ද්විත්ව ශතකයට ලකුණු 12ක් (ලකුණු 188) පසුපසින් සිටියදී අවාසනාවන්ත ලෙස දැවීගියේය. මෙම තරගයට පෙර ඔහු ලකුණු 40ට ඉහළ ඉනිමක් ක්‍රීඩාකර නොතිබුණි.

නායක ධනංජය ද සිල්වා ලකුණු 33කට දැවිගියේය. දිනය නිමාවනවිට කුසල් මෙන්ඩිස් හා සොනාල් දිනූෂ කඩුල්ලේ රැඳී සිටියේය.