ඇල්ල – වැල්ලවාය මාර්ගයේ මාරක අනතුරක්….

ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයට අයත් තුනේ කණුව ප්‍රදේශයේ දී ත්‍රීරෝද රථයක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදු ව තිබේ.

අනතුර සිදු වන අවස්ථාවේ දී ත්‍රීරෝද රථයේ පුද්ගලයන් තිදෙනෙකු ගමන් කරමින් සිට ඇති අතර අනතුරින් ඔවුන් තිදෙනාම තුවාල ලබා ඇත.

බරපතළ තුවාල ලැබූ ත්‍රීරෝද රථයේ රියදුරු රෝහල් ගත කරන විටත් මියගොස් ඇති අතර මෙසේ මියගොස් ඇත්තේ ඇල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 32ක් වන පුද්ගලයකු බව පොලිසිය පැවසීය.

තුවාල ලැබූ අනෙක් දෙදෙනා වැල්ලවාය මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර අනතුර සම්බන්ධයෙන් වැල්ලවාය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

ජනපති ජපානයේ නරුහිතෝ අධිරාජ්‍යයා හමුවෙයි….

ජපාන රජයේ ආරාධනයකට අනුව එරට නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජපානයේ නරුහිතෝ අධිරාජ්‍යයා හමුවී තිබේ.

ඒ ඊයේ  (30) පස්වරුවේ ටෝකියෝහි පිහිටි අධිරාජ්‍ය  මන්දිරයේදී ය.

ජපාන අධිරාජ්‍යයාගේ නිල නිවස වන අධිරාජ්‍ය මන්දිරයේදී නරුහිතෝ අධිරාජ්‍යයා විසින් ජනාධිපතිවරයාව උණුසුම් අයුරින් පිළිගනු ලැබීමෙන් අනතුරුව සුහද පිළිසඳරකද නිරත විය.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාද මෙම අවස්ථාවට එක්විය.

ඇමති බිමල්ගෙන් දුම්රිය නිලධාරීන්ට දැඩි චෝදනාවක්….

ම්රිය සේවාව නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට නොහැකි නිලධාරින්ට සේවයෙන් ඉවත්ව යා හැකි බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

ඔහු පෙන්වාදෙන්නේ, දුම්රිය නිසි පරිදි නඩත්තු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අපොහොසත් වී ඇති බවය.

කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය නව ශ්‍රවණාගාරයේදී කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු ප්‍රවාහන ක්ෂේත්‍රයට සම්බන්ධ රාජ්‍ය නිලධාරින් සමඟ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා මේ බව සඳහන් කළේය.

“ඔයාලගේ කෝච්චිවල ජනෙල් වහන්න බෑ. ඒ අය කියනවා ඒක හදලා දෙන්න කියලා. ජනෙල් වැහුවට පස්සේ රස්නෙයි පිච්චෙනවා. එක ෆෑන් එකක් වැඩ නෑ. ගාල්ලේ ඉඳලා කොළඹට පැය දෙක හමාරක් එද්දි එක වොෂ්රූම් එකක වතුර නෑ. දුම්රිය කියන්නේ ඔෆිස් දුම්රිය නේ. පිළිවෙලකට රස්සාවට යන මිනිස්සුන්ව ගේන්න බැරිද? මිනිස්සු ගැන සත පහක හැඟීමක් නැති පිරිසක්. ජාඇළ පැත්තේ පුංචි දරුවෙක් ඉස්සෙල්ලාම කෝච්චියේ යද්දි ජනේලේ වැටිලා ඇඟිලි දෙකක් අයින් කරා. කෝච්චියේ පළවෙනි ගමන යන දරුවාගේ ඇඟිලි දෙකක් නැති වුණාට පස්සේ, අපි අම්මලා තාත්තලා වශයෙන් වගකියන්නත් ඕනේ නේ. මම ඒ තාත්තාට කතා කරා. එයා අහනවා සර් මොකටද මේ රටේ ජීවත් වෙලා ඇහුවා. මම නැවත නැවත කියන්නේ කරුණාකරලා, මාසයක් ඇතුළත ඔබතුමා කුමන හෝ ආකාරයක අලුත්වැඩියාවක් කරන්නම ඕනේ. වොෂ්රූම්, ජනෙල්, ෆෑන්. දවස් තුනකින් කියන්න ඔයා කරගන්නේ මොකක්ද කියලා මට වට්ස්ඇප් කරන්න. දුම්රිය දෙපාර්තමේන්තුවේ අදාළ ඔක්කෝටම කියන්නේ, සර්විස් එක දෙන්න නැත්නම් යන්න. මේ අන්තිම වෝර්නින් එක. තිත්ත වෙලා තියෙන්නේ ඇත්තටම.”

කළු.ර ගල්පාත – චන්දන

කොටස් වෙළෙඳපොළ ඓතිහාසික කඩඉමක් අබියස

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (01) දිනයේ දී ඒකක 19,914.25 ක් දක්වා ඉහළ යන ලදී. මෙය පෙර දිනයට සාපේක්ෂව ඒකක 271.77 ක හෙවත් 1.38%ක වැඩිවීමක් වේ. ඒ අනුව ඒකක විසිදහසේ මංසළකුණ සාක්ෂාත් කර ගැනීම සඳහා අද දිනයේ මෙම වර්ධනය ඉහළ දායකත්වයක් ලබා දී ඇත. විශේලේෂකයින් පවසන්නේ බොහෝදුරට මීළඟ ගනුදෙනු දිනයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 20,000 සීමාව ඉක්මවා යනු ඇති බවයි.

මේ අතර S&P SL20 අද දිනයේ දී ඒකක 132.58 ක හෙවත් 2.30% ක කැපීපෙනෙන වර්ධනයක් අත්පත් කර ගැනීමට සමත්විය. දිනයේ ගනුදෙනු අවසානයේ දී එහි අගය ඒකක 5,894.75 ක් ලෙසින් ඒ අනුව වාර්තා වී තිබුණි.

අද දින රු. බිලියන 7.36 ක සාපේක්ෂව ඉහළ ගනුදෙනු පිරිවැටුමක් වාර්තා විය.

බැංකු සමාගම් රැසකම කොටස් මිල ගණන් දිනය තුළ කැපීපෙනෙන අයුරින් ඉහළ ගිය අතර එහිදී HNB, කොමර්ෂල්, DFCC හා NDB යන බැංකු සමාගම්වලින් සහ ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සමාගමේ කොටස් මිල ඉහළ යාම් සියලු කොටස් මිල දර්ශකයේ වර්ධනයට ඉහළ දායකත්වයක් ලබා දෙන්නට සමත්ව තිබුණි.

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි CID අත්අඩංගුවට

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ සංවිධානාත්මක අපරාධ කල්ලි නායක කෙහෙල් බද්දර පද්මේ නැමැත්තා තමන්ට මරණ තර්ජන සිදුකළ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ව්‍යාජ පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යු.වුට්ලර් මහතා පැවසුවේ, හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා අසනීප තත්ත්වයක් හේතුවෙන් මේවන විට රාගම ශික්ෂණ රෝහලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් භාරයේ සිටින බවය.1753720950-jayakodi_L

IPL තරගාවලිය මැයි 17 වනදා සිට යළි ඇරඹෙයි

2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යළි මැයි 17 වනදා සිට ආරම්භ වන බව ඉන්දීය ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව අවසන් මහා තරගය මැයි 25 වනදා පැවැත්වීමට නියමිත බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ.

පසුගියදා ඉන්දියාව හා පාකිස්ථානය අතර හටගත් යුදමය තත්ත්වය හේතුවෙන් ආරක්ෂක හේතූන් මත තරගාවලිය තාවකාලිකව අත්හිටවූවා.

ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදයි

බෞද්ධ ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදට (20) යෙදී තිබෙනවා.

බෝසතාණන් වහන්සේ පස්මහ බැලුම් බැලීමෙන් අනතුරුව මිනිස් ලොව ඉපදීම සඳහා මහාමායා කුස පිළිසිඳ ගැනීම, සිදුහත් බෝසතාණන් වහන්සේ ගිහිගෙය කලකිරී මහාභිණිෂ්ක්‍රමණය කිරීම සහ රාහුල කුමරුගේ උපත සිදුවූයේ ද අද වැනි ඇසළ පොහොය දිනයක බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් වෙනවා.

බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාවද, තව්තිසා දෙව් ලොවට වැඩම කර මව්ට උපස්ථාන කිරීමේ ආදර්ශය පෙන්වා දෙමින් අභිධර්ම දේශනා කිරීමද සිදුකරනු ලැබුයේ අද වැනි පොහොය දිනයකයි.

එසේම දන්ත කුමරු සහ හේමමාලා කුමරිය දන්ත ධාතූන් වහන්සේ ලක්දිවට වැඩම කරවූයේ ද ඇසළ පොහොය දිනයකදියි.

එමෙන්ම විහාරස්ථානවල වැඩ වසන භික්ෂූන් වහන්සේලා ඇසළ පුරපසළොස්වක පොහොය දිනයේ සිට වස්වැසීම ආරම්භ කරනු ලබනවා.

ඇකිලිලා තිබ්බ බෞද්ධ කොඩියට සිද්ද වුන දේ ජංගම දුරකථයක පටිගතවූ අපූරු දර්ශනය…

https://www.youtube.com/embed/fUKpDKMsqbI?si=-rv_MaSr_ZOh2Tod” title=