ICC ලෝක ක්‍රිකට් කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ සුපිරි හයදෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්ත කණ්ඩායම් අතර තරගය මේ වන විට පැවැත්වෙනවා.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට පන්දුවාර 25 ක් අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 96 ක් ලබා සිටිනවා.
පන්දුවට පහරදීමේදී දිමුත් කරුණාරත්න ලකුණු 33 ක් ලබාගත් අතර පන්දුවට පහරදෙමින් සිටින ධනංජය ද සිල්වා ලකුණු 39 ක් හා දසුන් ශානක ලකුණු 5 ක් ලබා සිටිනවා.
Category: sports_sub
ICC CWC Qualifier: කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
ICC ලෝක ක්‍රිකට් කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ සුපිරි හයදෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්ත කණ්ඩායම් අතර තරගය අද (30) පැවැත්වෙනවා.
ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වූ අතර ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.
ශ්‍රී ලංකා කණ්ඩායමේ කසුන් රාජිත වෙනුවට ඩිල්ෂාන් මදුෂංක කන්ඩායමට කැඳවා තිබෙනවා.
ICC CWC Qualifier: ශ්‍රී ලංකාව හා නෙදර්ලන්තය අතර තරගය අද
ICC ලෝක ක්‍රිකට් කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ සුපිරි හයදෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය අද (30) පැවැත්වෙනවා.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම හා නෙදර්ලන්ත කණ්ඩායම අතර මෙම තරගය පැවැත්වීමට නියමිතයි.
තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද දහවල් 12.30 ට ආරම්භවීමට නියමිතව තිබෙනවා.
රන්සිළු ජයතිලකගෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කමක්
හොංකොං හි පැවති ආසියානු පැසිපික් සවි එසවීමේ තරඟාවලියේ දී රන් පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ රන්සිළු ජයතිලක සමත්වී තිබෙනවා.
ඒ අනුව කිලෝග්‍රෑම් 322ක බරක් උසුලමින් නව දකුණු ආසියානු වාර්තාවක් ද පිහිටුවීමට ඔහු සමත්වී ඇති බවයි සඳහන් වන්නේ.

ICC CWC Qualifier: සුපිරි 6 වටයේ තරග අද ආරම්භ වෙයි
ICC ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයේ තරග අද (29) ආරම්භ වනවා.
ඒ අනුව සුපිරි 6 දෙනාගේ වටයේ පළමු තරගය සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම හා ඕමාන කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතව තිබෙනවා.
තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද දහවල් 12.30 ට ආරම්භවීමට නියමිතයි
ICC CWC Qualifier: සුපිරි 6 වටයට පිවිසි කණ්ඩායම්
ICC ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයේ තරග හෙට (29) ආරම්භවීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව ශ්‍රී ලංකාව අපරාජිතව ප්‍රසාද ලකුණු 4 ක් සමඟින් සුපිරි 6 වටයට පිවිසෙන අතර ශ්‍රී ලංකාව මේ වන විට සුපිරි 6 වටයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමි කර ගැනීමට ද සමත්ව තිබෙනවා.
සිම්බාබ්වේ කණ්ඩායම ප්‍රසාද ලකුණු 4 ක් ලබා ගනිමින් දෙවන ස්ථානයේ සිටින අතර ස්කොට්ලන්තය හා නෙදර්ලන්තය ප්‍රසාද ලකුණු 2 බැඟින් ලබා සිටිනවා.
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ඕමාන කණ්ඩායම ප්‍රසාද ලකුණු 0 ක් සමඟින් සුපිරි 6 වටයට පිවිස තිබෙනවා.
අදාළ ලකුණු සටහන පහතින්.

ICC CWC Qualifier: ස්කොට්ලන්තයට ලකුණු 246 ක ඉලක්කයක්
ICC ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ස්කොට්ලන්ත කණ්ඩායම අතර තරගය මේ වන විට පැවැත්වෙනවා.
ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනාගත් ස්කොට්ලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළ අතර ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49.3 ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 245 ක් ලබා ගත්තා.
පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පැතුම් නිස්සංක ලකුණු 75 ක්, චරිත් අසලංක ලකුණු 63 ක්, සධීර සමරවික්‍රම ලකුණු 26 ක් හා ධනංජය ද සිල්වා ලකුණු 23 ක් ලබා ගත්තා.
පන්දු යැවීමේදී ස්කොට්ලන්ත කණ්ඩායම වෙනුවෙන් Chris Greaves කඩුලු 4 ක්, Chris Sole කඩුලු 2 ක් හා Mark Watt කඩුලු 3 ක් බිඳ හෙළීමට සමත් වුණා.
ඒ අනුව ස්කොට්ලන්ත කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 246 ක්.
ලකුණු පුවරුව පහතින්.

ICC CWC Qualifier: පන්දුවාර 30 ක් අවසානයේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව – 146/4
ICC ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ස්කොට්ලන්ත කණ්ඩායම අතර මේ වන විට පැවැත්වෙනවා.
ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට පන්දුවාර 30 ක් අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 146 ක් ලබා සිටිනවා.
පන්දුවට පහරදීමේදී පැතුම් නිස්සංක ලකුණු 75 කට දැවීගිය අතර පන්දුවට පහරදෙමින් සිටින චරිත් අසලංක ලකුණු 24 ක් හා ධනංජය ද සිල්වා ලකුණු 3 ක් ලබා සිටිනවා.
ICC CWC Qualifier: කාසියේ වාසිය ස්කොට්ලන්තයට
ICC ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ස්කොට්ලන්ත කණ්ඩායම අතර තරගය අද (27) පැවැත්වෙනවා.
තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ස්කොට්ලන්ත කණ්ඩායම සමත්වූ අතර ඔවුන් පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.
ICC CWC Qualifier: ශ්‍රී ලංකාව හා ස්කොට්ලන්තය අතර තරගය අද
ICC ලෝක ක්‍රිකට් කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ මූලික වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන අවසන් තරගය අද (27) පැවැත්වෙනවා.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම හා ස්කොට්ලන්ත කණ්ඩායම අතර මෙම තරගය පැවැත්වීමට නියමිතයි.
තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද දහවල් 12.30 ට ආරම්භවීමට නියමිතව තිබෙනවා.
