SL vs ENG : පන්දුවාර 20 ක් අවසානයේ එංගලන්ත ලකුණු පුවරුව – 89/5

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ 25 වන තරගය ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර මේ වන විට පැවැත්වෙනවා.

ඒ අනුව තරගයේ පළමුවෙන් පන්දුවට පහරදෙන එංගලන්ත කණ්ඩායම පන්දුවාර 20 ක් අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 89 ක් ලබා ගෙන සිටිනවා.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ළහිරු කුමාර කඩුලු 2 ක්, ඇන්ජලෝ මැතිව්ස් හා කසුන් රාජිත එක් කඩුල්ල බැඟින් බිඳ හෙළීමට සමත් වුණා.

Asian Para Games : ශ්‍රී ලංකාවට රිදී පදක්කමක්

2023 ආසියානු පැරා ක්‍රීඩා උළෙලේදී රිදී පදක්කමක් දිනා ගැනීමට සමිත දුලාන් සමත්වී තිබෙනවා.

ඒ අනුව ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ F64 කාණ්ඩයේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් ඔහු මෙම රිදී පදක්කම දිනාගෙන තිබෙන අතර ඔහු දැක්වූ දක්ෂතාවය මීටර් 64.09 ක්.

ඇන්ජලෝ මැතිව්ස් ලෝක කුසලාන සංචිතයට

ලෝක කුසලානයේ ශ්‍රී ලංකා සංචිතය සඳහා ඇන්ජලෝ මැතිව්ස් එක්කර තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ආබාධයකට ලක්වීම හේතුවෙන් මෙලෙස ඇන්ජලෝ මැතිව්ස් එක්කර ඇති බවයි සඳහන් වන්නේ.

මෙතෙක් ශ්‍රී ලංකා සංචිතය සමඟ රැඳී සිටි මතීෂ පතිරණ යළි ලංකාවට පැමිණ ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Asian Para Games : ශ්‍රී ලංකාවට රන් පදක්කම් 2 ක්

ආසියානු පැරා ක්‍රීඩා උළෙලේදී රන් පදක්කම් දෙකක් දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙක් සමත්වී තිබෙනවා.

ඒ අනුව නුවන් ඉන්දික T44 මීටර් 100 ඉසව්වෙන් රන් පදක්කම දිනාගෙන ඇති අතර තත්පර 11.63 කින් ඔහු තරඟය අවසන් කිරීමට සමත්ව තිබෙනවා.

එසේම ප්‍රදීප් සෝමසිරි  T46 මීටර් 1500 ඉසව්වෙන් රන් පදක්කම දිනාගෙන ඇති අතර ඔහු මිනිත්තු 4:05.14 කින් තරගය අවසන් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

ICC CWC 2023 : මහේල යළි ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එක්වෙයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණු උපදේශක මහේල ජයවර්ධන යළි ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එක්වී තිබෙනවා.

ලෝක කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ රැඳී සිටි ඔහු පසුගියදා යළිත් දිවයිනට පැමිණ ඇති අතර අද දිනයේ යළිත් කණ්ඩායම සමඟ එක්ව ඇති බවයි සඳහන් වන්නේ.

SL vs NED : ශ්‍රී ලංකාවට ලකුණු 263 ක ඉලක්කයක්

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ 19 තරගය ශ්‍රී ලංකා කණ්ඩායම හා නෙදර්ලන්ත කණ්ඩායමට අතර මේ වන විට පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් නෙදර්ලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් සිය පන්දුවාර 49 ක් තුළ සියලු දෙනා දැවී ලකුණු 262 ක් ලබා ගත්තා.

පන්දුවට පහරදීමේදී නෙදර්ලන්ත කණ්ඩායම වෙනුවෙන් Sybrand Engelbrecht ලකුණු 70 ක් හා Logan van Beek ලකුණු 59 ක් ලබා ගැනීමට සමත් වුණා.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඩිල්ෂාන් මදුෂංක කඩුලු 4 ක් කසුන් රාජිත කඩුලු 4 ක් බිඳ හෙළීමට සමත් වුණ.

ඒ අනුව ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 263 ක්.

SL vs NED : පන්දුවාර 10 ක් අවසානයේ නෙදර්ලන්ත ලකුණු පුවරුව – 48/2

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ 19 තරගය ශ්‍රී ලංකා කණ්ඩායම හා නෙදර්ලන්ත කණ්ඩායමට අතර මේ වන විට පැවැත්වෙනවා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදෙන නෙදර්ලන්ත කණ්ඩායම පන්දුවාර 10 ක් අවසනයේ  කඩුලු 2 ක් දැවී ලකුණු 48 ලබා සිටිනවා.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කසුන් රාජිත කඩුලු 2 ක් බිඳ හෙළීමට සමත් වුණා.

SL vs NED: කාසියේ වාසිය නෙදර්ලන්තයට

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ 19 වන තරගය ශ්‍රී ලංකා කණ්ඩායම හා නෙදර්ලන්ත කණ්ඩායම අතර අද (21) පැවැත්වෙනවා.

ඒ අනුව තරඟයේ කාසියේ වාසිය දිනා ගැනීමට නෙදර්ලන්ත කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

ආසියානු පැරා මළ​ල ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම පිටත්ව යයි

ආසියානු ක්‍රීඩා තරගාවලියට සමගාමීව පැවැත්වෙන 04 වන පැරා මළල ක්‍රීඩා තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමට දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 26 දෙනෙක් ඇතුළත් අතර මෙම කණ්ඩායමේ නායකත්වය දිනේෂ් ප්‍රියන්ත විසින් දරණු ලබනවා.

මෙම තරගාවලිය එළඹෙන 22 වනදා සිට 28  දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම මළල ක්‍රීඩා , ටේබල් ටෙනිස් , පිහිනුම් , බැට්මින්ටන් ඇතුළු ක්‍රීඩා ඉසව් කිහිපයක් සදහා සහභාගී වීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

SL v AUS : පන්දුවාර 35 ක් අවසානයේ ශ්‍රී ලංකාව ලකුණු 184 යි

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ 14 වන තරගය ශ්‍රී ලංකා කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර මේ වන විට පැවැත්වෙනවා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 35 ක් අවසනයේ කඩුලු 6 ක් දැවී ලකුණු 184 ලබා සිටිනවා.

පන්දුවට පහරදෙමින් සිටින චරිත් අසලංක ලකුණු 08 ක් ලබා සිටිනවා.