මැතිවරණ කොමිසම කළ ඉල්ලීම මුදල් අමාත්‍යවරයා වෙත යොමු කෙරේ

පළාත් පාලන ඡන්ද විමසීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබාදෙන ලෙස මැතිවරණ කොමිසම කළ ඉල්ලීම මුදල් අමාත්‍යවරයා වෙත යොමුකර ඇති බව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ලිපියක් මගින් එම කොමිසම දැනුවත් කර තිබෙනවා.

ඒ අනුව මැතිවරණ කොමිසම විසින් පසුගියදා මුදල් අමාත්‍යංශ ලේකම්වරයාට යොමු කරන ලද ලිපියට පිළිතුරු ලිපියක් යොමු කරමින් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා මෙම ලිපිය යොමුකර ඇති බවයි සඳහන් වන්නේ.

විශ්‍රාම වැටුප් ලබන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛණයක් නිකුත් වේ

පාර්ලිමේන්තුවට තේරී පත්වී මේ වන විට විශ්‍රාම ගොස් විශ්‍රාම වැටුප් ලබන මන්ත්‍රීවරුන් 266කගේ නම් සහිත ලේඛනයක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නීතිඥ මධුර විතානගේ සහ කරුණාදාස කොඩිත්තුවක්කු යන මන්ත්‍රීවරුන් විසින් පාර්ලිමේන්තු මහ ලේකම්වරය‍ාගෙන් කළ ඉල්ලීමකට අනුවයි.

මෙලෙස විශ්‍රාම වැටුප් ලබන විශ්‍රාමික මන්ත්‍රීවරුන් අතර නිරූපමා රාජපක්ෂ, සාගල රත්නායක, උපේක්ෂා ස්වර්ණමාලි සහ රන්ජන් රාමනායක වැනි මන්ත්‍රීවරුන්ගේ නම් ඇතුළත්ව ති‍බෙන අතර වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද මෙම ලැයිස්තුවේ සිටීම විශේෂත්වයක්.

අදාළ ලේඛණයේ Link එක පහතින්,
http://bit.ly/3J8kMJs

මැතිවරණයට අදාළව රාජ්‍ය ආයතන සමඟ මැතිවරණ කොමිසම ඇතිකරගත් එකඟතා දැනුම්දෙයි

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව රජයේ මුද්‍රණාලය, පොලීසිය සහ විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය සමඟ ඇතිකරගත් එකඟතාවයන් මැතිවරණ කොමිසම නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව රජයේ මුද්‍රණාලයෙන් තැපැල් ඡන්ද පත්‍රකා දින 5 ක් තුළ ද අනෙකුත් ඡන්ද පත්‍රිකා දින 20 ත් 25 ත් ඇතුළත ද මුද්‍රණය කර ලබා දීමට හැකි බව මුද්‍රණාලයාධිපතිනිය මැතිවරණ කොමිසමට දැනුම් දී ඇති අතර, මුදල් අමාත්‍යංශ ලේකම්වරයා මගින් අදාළ මුදල් ලබා ගන්නා ලෙස දැනුම් දී තිබෙනවා.

මුද්‍රණාලයාධිපතිනිය කරන ලද ඉල්ලීම අනුව පොලිස් ආරක්ෂාව සම්බන්ධයෙන් අවශ්‍ය නිලධාරීන් සංඛ්‍යාව සහ අවශ්‍ය දින පිළිබඳ තොරතුරු පොලිස්පතිවරයා වෙත යොමු කරන ලෙස හා ඒ අනුව අවශ්‍ය ආරක්ෂාව ලබාදිය හැකි බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (මැතිවරණ) විසින් දන්වා තිබෙනවා.

කොමිෂන් සභාවේ ඉල්ලීම පරිදි ඡන්ද විමසීමට අදාළ ඉන්ධන ලබාදීමේ තීරණය විදුලි බල හා බලශක්ති අමාත්‍යංශ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා ඛණිජ තෙල් සංස්ථා නිලධාරීන් විසින් ඉදිරි දින කිහිපය තුළදී ලබා දීමට ද එකඟතාව පළ කර තිබෙනවා.

අදාළ නිවේදනය පහතින්.

6466c0f4f8c7d8dec57472fe949b4745

මැතිවරණ දිනය අප්‍රේල් 25 ලෙස නියම කරමින් අති විශේෂ ගැසට් පත්‍ර නිකුත් කෙරේ

පළාත් පාලන මැතිවරණය අප්‍රේල් 25 වනදා පැවැත්වීමට දින නියම කරමින් තේරීම්භාර නිලධාරීන් විසින් අති විශේෂ ගැසට් පත්‍ර නිකුත්කර තිබෙනවා.

ඒ අනුව මැතිවරණ කොමිෂන් සභාවේ උපදෙස් පරිදි එක් එක් තේරීම්භාර නිලධාරියා විසින් අංක 2322/28 සිට 2322/52 දක්වා වූ අති විශේෂ ගැසට් පත්‍ර මගින් මැතිවරණය පැවැත්වීමට දින නියම කර ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිසම පවසන්නේ.

එසේම තැපැල් ඡන්ද පත්‍රිකා දින 5 ක් තුළ හා අනෙකුත් ඡන්ද පත්‍රිකා දින 20-25 ක් අතර මුද්‍රණය කර මැතිවරණ කොමිෂන් සභාව වෙත භාරදිය හැකි බව‌ට රජයේ මුද්‍රණලයාධිපතිනිය දන්වා සිටි බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

අදාළ නිවේදනය පහතින්.

0f45431cfbd2464318ab33dd81b8b5ad

නාමල් ජාත්‍යන්තර සබඳතා පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කමිටුවේ සභාපති ධූරයට

ජාත්‍යන්තර සබඳතා පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කමිටුව සඳහා නව සභාපතිවරයෙක් තේරී පත්වී තිබෙනවා.

ඒ අනුව කමිටුවේ සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පත්කර ඇති බවයි වාර්තා වන්නේ.

ආචාරධර්ම හා වරප්‍රසාද පිළිබඳ පාර්ලිමේන්තුවේ කාරක සභාවේ සභාපති ධූරය චමල් රාජපක්ෂට

ආචාරධර්ම හා වරප්‍රසාද පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ පත්ව තිබෙනවා.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි විසින් චමල් රාජපක්ෂගේ නම සභාපතිවරයා ලෙස යෝජනා කර ඇති අතර රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ විසින් එය ස්ථිර කර ඇති බවයි වාර්තා වන්නේ.

තැපැල් ඡන්ද පත්‍රිකා නියමිත කාලසීමාව තුළ බෙදාහැරීමට සූදානම් – තැපැල්පති

තැපැල් ඡන්ද පත්‍රිකා නියමිත වේලාවට ලැබුණහොත් අදාළ නියමිත කාලසීමාව තුළ බෙදාහැරීමට හැකි බව නව තැපැල්පති ලෙස පත්වූ එස්.ආර්.ඩබ්ලිව්.එම්.ආර්.පී. සත්කුමාර පවසනවා.

ඒ සඳහා තැපැල් දෙපාර්තමේන්තුව සූදානමින් පසුවන බවයි අද (09) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

සර්ව ජන ඡන්ද බලය ගැන දෙදින විවාදය අද ආරම්භ වෙයි

අද (09) දිනයේත් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අද සහ හෙට දිනයේ “සර්ව ජන ඡන්ද බලය” පිළිබඳ සභාව කල්තැබීමේ දෙදින විවාදය පැවැත්වීමට නියමිතව තිබෙනවා.

විපක්ෂය විසින් අදාළ කල්තැබීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවයි සඳහන් වන්නේ.

මහින්ද රාජපක්ෂගේ විදේශ ගමන් තහනම ඉවතට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ විදේශ ගමන් තහනම ලබන මස 20 වනදා සිට 30 වනදා දක්වා ඉවත් කිරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

ගෝඨාගෝගමට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට විදෙස් ගමන් තහනමක් පනවා තිබුණා.

තැපැල් ඡන්දය පැවැත්වෙන නව දිනයන් ප්‍රකාශයට පත් කරයි

2023 වසරේ පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින් නව දිනයන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම මාර්තු මස 28 වනදා සිට 31 වනදා දක්වා පැවැත්වීමට නියමිත බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් ජී. පුංචිහේවා සඳහන් කළේ.

ඡන්ද විමසීම අප්‍රේල් 25 වනදා පැවැත්වීමට නියමිතයි.